අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක් අද පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 25, 2014

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ සාදන ලද, පසුගිය ජනවාරි 30 දින ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් දෙකක් අද (25) පාර්ලිමේන්තුවේ විවාද කෙරේ.


    විවාදය සඳහා යෝජනා ඉදිරිපත්කිරීමට කතානායක චමල් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන් අවස්ථාවේ වැඩබලන විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ සඳහා ඡන්දය ගන්නා අවස්ථාව විමසා සිටි අතර විපක්ෂය ඡන්දයක් ඉල්ලන බවත් එය මන්ත්‍රීවරුන්ගේ නමින් ඉල්ලා සිටින බවත් සංශෝධන ඉදිරිපත් කරන බවත් පැවසීය.


    සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ඡන්දය ඉල්ලා සිටිය හැකි නමුත් සංශෝධන සඳහා ඉඩ දිය නොහැකි බවත් ඒ බව ඊයේ පැහැදිලිව දැනුම් දී ඇති බවත් ය.


    අමාත්‍ය මණ්ඩලෙය් අනුමතිය දන්වා ඇති 2014 ජනවාරි 30 දිනැති අංක 1847/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, පෙබරවාරි 18 දින ඉදිරිපත් කරන ලද නියමයත්; 2014 ජනවාරි 30 දිනැති අංක 1847/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 02.18 දින ඉදිරිපත් කරන ලද නියමයත් අනුමත කර ගැනීම සඳහා විවාදය පැවැත්වේ.


    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසිනි. අබේවර්ධන මහතා නියමයන් ඉදිරිපත් කරමින් පැවසුවේ මේ නියමයන් ගැසට් කර දින 43ක කාලයක් මහජන අදහස් විමසීම සඳහා දී තිබූ නමුත් කිසිම විරෝධයක් ඒ අවස්ථාවේ ඉදිරිපත් නොකළ බවයි. ඉන් අනතුරුව මේ ගැසට් පත්‍රය නැත නිකුත් කර අද පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවත් ඔහු පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya