අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි වෙනුවෙන් අපි කුරුණෑගල දෙවැනි අදියර රණවිරු අයිතියට

    අප්‍රේල් 25, 2014
    අපි වෙනුවෙන් අපි රණවිරු ව්‍යාපෘතියේ 15වන අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි අදියරේ ඉදිකරන ලද නිවාස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) රණවිරු අයිතියට පැවරිණි. 
     
    නිවාස ව්‍යාපෘතිය රණ විරු අයිතියට පවරාදීම සංකේතවත් කරමින් කුරුණෑගල, මීගොල්ල, හිඳගොල්ල නිවසේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ජී.එම්.සී. පුෂ්පකුමාර මහතාගේ නිවස ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    අනතුරුව මල්ලවපිටිය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ පැවැති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා සංකේතාත්මකව නිවාසලාභී රණ විරුවන් වෙත යතුරු ප්‍රදානය කළේය.
     
    එම විද්‍යාලයේ සහ ශ්‍රී දිගම්පිටිය පියරතන විද්‍යාලයේ සිසු දරුවන් වෙත පාසල් උකරණ සහ පාවහන් කට්ටල බෙදාදීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    නිවාස ව්‍යාපෘතිය රණවිරු අයිතියට පැවරීමෙන් අනතුරුව පැවැති උත්සවයට අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, සාලින්ද දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහත්වරුන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක අංශ ජ්‍යේෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
     
     DB
     
    API WENUWEN API 1
     
     
     
     
     
    API WENUWEN API 2
     
     
     
     
     
     
    API WENUWEN API 3
     
     
     
     
    API WENUWEN API 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya