අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ ජනපතිට

    අප්‍රේල් 25, 2014
    සරල සිංහල භාෂාවට පරිවර්තනය කර සංෂිප්ත කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ ඊයේ (24) පස්වරුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ඒ අනුව ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සරල සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබූ සංෂිප්ත කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ දෙකක් සහ ටීකා ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    සූත්‍ර පිටකයේ එන සිංහල ප්‍රේත වස්තුව හා සිංහල විමාන වස්තුව යන ග්‍රන්ථ දෙක සහ සංයුක්ත නිකායේ ටීකාව ද්විතීය භාගය යන ග්‍රන්ථය ඇතුළත් ග්‍රන්ථ තුන ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර ස්වාමීන්වහන්සේ විසින් පිළිගන්වන ලදී.
     
    සංරක්ෂිත පිටිසර  දේවාල 32සහ නැගෙනහිර පළාතේ ඓතිහාසික වැදගත්කමකින් යුත් ආගමික ස්ථාන අළලා සකස්කරන ලද ශ්‍රව්‍ය දෘෂ්‍ය සී.ඩී. පටද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    මෙම අවස්ථාවට ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය නියෝජනය කරමින් උඩරට අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද හිමියන්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක, අධ්‍යාපන අංශයේ මහාචාර්ය පූජ්‍ය වෑගම පියරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මැදගොඩ විජයකිත්ති ස්වාමීන්වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත නිකායේ අනුනායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ, ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම් කේ.කේ. සුගතපාල මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya