අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නැණ ගුණ පියස" වැඩසටහනට ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ දායකත්වය

    අප්‍රේල් 25, 2014
    දිවයිනේ අති දුෂ්කර පාසල් සොයා එම පාසල්වලට පුස්තකාල ලබාදෙන "නැණ ගුණ පියස" වැඩසටහනට ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් පුද්ගලික ආයතනයද රුපියල් මිලියන 3ක මුදල් ප්‍රදානයක් සිදු කළේය.
     
    ඊට අදාළ චෙක්පත  ඊයේ (24) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම ආයතනයේ උපදේශක මෙන් ම හිටපු නාවික හමුදාපති සහ ජනාධිපති උපදේශක අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත භාර දෙන ලදී.
     
    "නැණ ගුණ පියස" වැඩසටහන පෞද්ගලික අංශයේ පරිත්‍යාග මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සේවාවකි.
     
    මේ යටතේ රුපියල් මිලියනයක වියදමින් අදාළ පාසල සඳහා අංග සම්පූර්ණ පුස්තකාලයක් හා ඊට අවශ්‍ය පොත්පත් සහ උපකරණද පිරිනැමේ.
     
    මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාද එක්විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya