අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ගැටලු පිළිබඳ කි‍්‍රයාකිරිමට විශේෂ පොලිස් ඒකකයක්

    අප්‍රේල් 25, 2014
    මේ දිනවල නිරන්තරයෙන් සිදුවන ආගමික ගැටලු සම්බන්ධයෙන් එම කණ්ඩායම් ගෙන්වා සාකච්ඡා කර විසඳුමක් සෙවිමට තමා උත්සාහ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ඊයේ (24) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය කතුවරුන් ඇමතු ජනාධිපතිතුමා මෙවැනි කටයුතු පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණිකව කි‍්‍රයා කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පත් කරන ලෙස තමා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවද පැවසිය.
     
    "කිසිම ආගමික කණ්ඩායමකට රටේ නීති කඩ කිරිමට ඉඩ දෙන්නේ නැහැ. ආගමික ගැටුම් ඇති කරන තත්ත්වයන් හැම තැනම දක්නට තිබෙනවා. එක ආගමක කණ්ඩායමක් චෝදනා නඟන විට අනෙක් කණ්ඩායම් තදින් ප‍්‍රති උත්තර දෙනවා. මේ තත්ත්වය දුරදිග යාමට නොදි සියලු දෙනා ගෙන්වා සාකච්ඡා කිරීමට මම අදහස් කරනවා" යැයිද ජනාධිපතිතුමා කිය.
     
    කිසිම ආගමක නායකයින් වෙනත් ආගමකට පහරදිම හෝ අපහාස කිරිම සම්පූර්ණයෙන්ම වැරදි යැයි පෙන්වාදුන් ජනාධිපතිතුමා මේ සිදුවීම් පිළිබඳ කි‍්‍රයාකිරිමට පත් කරන විශේෂ පොලිස් ඒකකයට පුහුණුවලත් නිලධාරින් පත් කරන මෙන් තමා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව කීය.
     
    විල්පත්තු අභයභුමිය තුළ නිවාස ඉදිකර තිබේ දැයි කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ඒ ගැන එම බලධාරීන් සොයා බලන බවත් අභයභුමිය තුළ කිසිම ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ නම් ඒවා වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත් සහතික කළේය. එහෙත් ඇමතිවරයා පැවසු පරිදි නිවාස ඉදිකර තිබෙන්නේ අභයභූමියෙන් පිටත නම් ඒ පිළිබඳ ගැටලුවක් නැති බව එතුමා පැහැදිලි කළේය.
     
    "අභයභුමියක් තුළ කිසිම අනවසර ගොඩනැගිල්ලක් හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. විල්පත්තුව හරහා හදපු බොරළු පාරක තාර දැමීමටවත් මම ඉඩ දුන්නේ නැහැ" ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. 
     
    එහිදි කතා කළ පොලිස්පති ඉලංගකෝන් මහතා ආගමික කණ්ඩායම් සම්බන්ධ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙන බවත් තවත් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන බවත් නිවේදනය කළේය.
     
    DB/ PRIU
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya