මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨ අවසන් කළ 3000කට ගුරු පත්වීම්

    අප්‍රේල් 24, 2014

    විද්‍යාපීඨවලින් නික්ම යන 3000ක් වන පිරිසකට ලබන ජූනි මාසයේ දී ගුරු පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු
    අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    සුදුසුකම් සපුරා ඇති සියලුම දෙනාට ගුරු පත්වීම් ලබා දී ඇත. සංවර්ධන සහකාර ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් පිරිස අතරින් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂයයන් සඳහා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පැවසූ අමාත්‍යවරයා සංවර්ධන සහකාර ලෙස පත්වීම් ලද ස්වාමීන් වහන්සේලා ගුරු සේවයට පැමිණීමට කැමැත්ත පළ කර ඇතැයි ද කීය. ඒ අනුව උන්වහන්සේලා පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා බඳවා ගැනීමට මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya