මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට කිසිදු අලාභයක් සිදු වී නෑ

    අප්‍රේල් 24, 2014

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළත් එමඟින් ප්‍රතිලාභීන්ට කිසිදු අලාභයක් සිදු වී නැතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා
    ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාරව ඇත්තේ මුදල් මණ්ඩලයට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආයෝජන විවිධාංගීකරණය තුළින් එම අරමුදලේ ලාභය වසරින් වසර වර්ධනය වී ඇති බව ද පෙන්වා දුන්නේය.

     

    එම නිසා එහි නිලධාරී මණ්ඩලයට කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල්වලට කිසිදු හානියක් සිදු වී නැති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya