මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල් තල්මසුන් රැකගෙන නැව් ගමන් මඟ වෙනස් කිරීමට පරීක්ෂණ

    අප්‍රේල් 24, 2014

    මෙරට දකුණු පළාතේ මිරිස්සට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නිල් තල්මසුන් ජීවත් වන අතර එම මුහුදු ප්‍රදේශය හරහා පවතින ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නෞකාවලින් ඒ සතුන්ට බරපතළ හානියක් සිදු වන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට නැව් මාර්ගය වෙනස් කිරීමට පරීක්ෂණ කරගෙන යන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින්

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    නිල් තල්මසුන් පිළිබඳ ව 1982 සිට මේ දක්වා පරීක්ෂණ පවත්වයි. නාරා ආයතනය මඟින් මේ පරීක්ෂණ සිදු කරයි.
    මීට අමතරව ජාතික හා ජාතික නොවන ආයතනත් රාජ්‍ය අනුග්‍රහය සහිතව හා රහිතව පරීක්ෂණ සිදු කරන බව ද ඔහු
    සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya