අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ආපදා සහ ආපදා කළමනාකරණය" කෘතිය ජනපතිට

    අප්‍රේල් 23, 2014
    හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා විසින් සම්පාදනය කරන ලද "ආපදා සහ ආපදා කළමනාකරණය" කෘතියෙහි පළමු පිටපත ඊයේ (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ආපදා ඕනෑම තැනක සිදුවිය හැකි ව්‍යවසනයකි. ස්වභාවික ආපදාවන් බොහෝ අවස්ථාවලදී මිනිසාට නැවැත්විය නොහැක. එසේ වුවද එම ආපදාවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කරගැනීමට මේ වන විට ආපදා කළමනාකරණයට හැකි වී ඇත.
     
    ශක්තිමත් සැලසුම් සහ නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ස්වභාවික ආපදාවලින් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමට ආපදා කළමනාකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වෙයි.
     
    එම අරමුණ ඇතිව වික්ටර් පෙරේරා මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කරනු ලැබ ඇති අතර ආපදා යනු මොනවාද? ඒවා අවම කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ඒ තුළින් පැහැදිළි කර ඇත.
     
    ආපදා කළමනාකරණය පිළිබඳ ඒ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් දෙස් විදෙස් පුහුණුව උපයෝගි කර ගනිමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya