අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ කම්හල ජනපති විවෘත කරයි

    අප්‍රේල් 19, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ස්වයංක්‍රීය වාහන එකලස් කිරීමේ මයික්‍රෝ කර්මාන්ත ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (18) පොල්ගහවෙල කර්මාන්තපුරයේ දී විවෘත කෙරිණි.


    නව කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    මයික්‍රෝ සමාගමේ නවතම නිෂ්පාදනය වන ටුවර් වැගන් රථය මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් මේ අවස්ථාවේදී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.


    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ රථ තොගයක් බංග්ලාදේශයට අපනයනය කිරීමට නියමිත අතර ඒ සම්බන්ධ ලියකියවිලි ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කෙරිණි.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, කර්මාන්ත සංවර්ධන හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya