අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා‍ ජනපති ආශිර්වාද ලබා ගනී

    අප්‍රේල් 19, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (18) ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන උදා වූ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය.


    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.


    රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත් සඳහා සහභාගි වූ ජනාධිපතිතුමා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක උන් වහන්සේට අටපිරිකර පූජා කළේය.

    He at anuradhapura


    ඉන් පසු මිරිසවැටිය රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ ජනාධිපතිතුමා උන් වහන්සේගෙන් ද ආශිර්වාද ලබා ගත්තේය.


    ජනාධිපතිතුමා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ හා ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේලාගෙන් ද ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.


    NDH/pix by Chandana Perera-pmu

    He at anuradhapura 1

    He at anuradhapura 2

    He at anuradhapura 3

    He at anuradhapura 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya