මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දළදා වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබාගනී

    අප්‍රේල් 17, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (17) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන උදා වූ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය.


    ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ජනාධිපතිතුමා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ හා අස්ගිරි මහා නායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන් වහන්සේලාගේ සුවදුක් විමසීය.


    බෞද්ධාගමට අගෞරවයක් සිදු වන අයුරින් බුදු රුව සහිත ඡායාරූප පළකිරීම පිළිබඳ අස්ගිරි මහ නා හිමියන් විසින් මෙහිදී ජනපතිට සංදේශයක් භාර දෙන ලදී.


    දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ සුහද කථාබහක යෙදීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.


    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩඩන නිළමේ නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

     

    03

    02 2

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya