සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාත්‍රන්තවාදී සහ සාමකාමී මැතිවරණයක් සඳහා ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන පූර්ණ වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 04, 2024

    මෙවර මැතිවරණය ප්‍රජාත්‍රන්තවාදී සහ සාමකාමී මැතිවරණයක් බවට පත් කර ගැනීම සඳහා ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන පූර්ණ වැඩපිළිවෙළක් යෙදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරයෙක් වුවද, කුමන දේශපාලන මතයක් දැරුවද, ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ට බියෙන් හා සැකයෙන් තොරව තමාගේ කාර්යය ඉෂ්ඨ කර ගැනීම සඳහා අවස්ථාව තිබිය යුතුය යන ස්ථාවරයේ සිට රජය කටයුතු කරනවා. යම් තර්ජන ගර්ජන අපේක්ෂකයන්ට තිබේ නම්, එම අපේක්ෂකයන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා  දී තිබෙනවා.

    ජනාධිපතිවරයාට වෙනත් අයගේ අනාරක්ෂත බවක් ඇති කර තමාගේ ආරක්ෂාව සළසා ගැනීමේ වුවමනාවක්  නැහැ. මෙවර මැතිවරණය සාමාකාමී ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා තර්ජන ගර්ජන අපේක්ෂකයන්ට තිබේ නම් ඒ සඳහා සියලුම, ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන පූර්ණ වැඩපිළිවෙළක් යෙදීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya