සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ස්ථාවර කිරීමට ගත් වෙහෙස දැක වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට කටයුතු කළා - අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

    සැප්තැම්බර් 04, 2024

     රට ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් වෙහෙසට ගෞරවයක් ලබාදීම උදෙසා එතුමාගේ ජයග්‍රණයට සහාය ලබාදීමක් සිදු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටට යහපතක් උදා කරදීමට ගත් උත්සාහය දැක දැක රනිල් වික්‍රමසිංහ මහතා මඟ හැර යාමට තරම් අපි දේශපාලන කුහකයන් නොවන බවත් පක්ෂ දේශපාලනය පසෙක තබා රනිල් මහතාට සහාය ලබාදෙනුයේ රට ගැන සිතා බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

    ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

    ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට විශාල වශයෙන් වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    සොල්දාදුවන්ගේ අතට සලාක දීමනාව ලබාදීමට අපි තීරණය කළා. අපේ සොල්දාදුවන් උගත් බුද්ධිමත් අය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට විශාල වැටුප් වැඩි කිරීමක්  සිදු කළා.

     සාමාන්‍ය සෙබළෙකුගේ වැටුප රුපියල් 11,260 කින් වැඩි වෙනවා. ලාන්ස් කෝප්‍රල්වරයකුගේ වැටුප රුපියල් 12,460 කින් වැඩි වෙනවා. කෝප්‍රල්වරයකගේ වැටුප රුපියල් 13,500 කින් වැඩි වෙනවා. සැරයන්වරයකුගේ වැටුප රුපියල් 14,610 කින් වැඩි වෙනවා. මාණ්ඩලික සැරයන්වරයකුගේ වැටුප රුපියල් 15,600 කින් වැඩි වෙනවා. බල ලත් නිලධාරියකුගේ වැටුප රුපියල් 17,580 කින් වැඩි වෙනවා. බල ලත් නිලධාරී එක වැටුප රුපියල් 21,705 කින් වැඩිවෙනවා. කැඩෙට් නිලධාරියකුගේ වැටුප රුපියල් 13,500 කින් වැඩි වෙනවා. දෙවන ලුතිනන්වරයකුගේ වැටුප රුපියල් 19,725 කින් වැඩි වෙනවා. ලුතිනන්වරයකුගේ වැටුප රුපියල් 28,255 කින් වැඩි වෙනවා. කපිතාන්වරයකුගේ වැටුප රුපියල් 37,045 කින් වැඩි වෙනවා. මේජර්වරයකුගේ වැටුප රුපියල් 42,505 කින් වැඩිවෙනවා. ලෙෆ්ටිනන්වරයකුගේ වැටුප රුපියල් 44,175 කින් වැඩි වෙනවා. කර්නල්වරයකුගේ වැටුප රුපියල් 58,095 කින් වැඩිවෙනවා. බ්‍රිගේඩියරවරයකුගේ වැටුප රුපියල් 62,555 කින් වැඩි වෙනවා. මේජරේ ජනරාල්වරයකුගේ වැටුප රුපියල් 71,000 කින් වැඩි වෙනවා. ලංකා ඉතිහාසයේ ත්‍රිවිධ හමුදාවට සිදු කළ වැඩිම වැටුප් වැඩි වීම මෙය බව කිව යුතුයි. සිවිල් ආරක්ෂක භටයකු ස්ව කැමැත්තෙන් ඉවත් වන්නේ නම් ඔවුන්ට වන්දි මුදලක් ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මිලියන තුනත් පහත් අතර මුදලක් ලබාගෙන ඉවත් විය හැකියි. කැමැත්ත අනුව තමයි ඒ දේ සිදු වන්නේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya