සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොඩ්‍යුලර් ගුරු ඇගයීම් ක්‍රමය වෙනුවට සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමයක්

    සැප්තැම්බර් 04, 2024
    ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්යුලර් ක්රමවේදය වෙනුවට ගුරු ව්යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්රමවේදයක් රාජ්ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්රියාත්මක කරන බව අධ්යාපන අමාත්ය අචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය. ඒ අද(04) පාර්ලිමේන්තුවේදීය.

     

    මොඩ්යුලර් ක්රමය හඳුන්වාදී කලක් ගත වුවත් ගුරු මධ්යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කලට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම නිසා ගුරුවරුන් විශාල පිරිසකට අදාළ වැටුප් වර්ධක හා උසස්වීම් ලබාගැනීම ප්රමාද වී ඇති බවත් ඒ අනුව වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කර ගුරු ව්යවස්ථාව සංශෝධනය කර මොඩ්යුලර් ක්රමය වෙනුවට මෙලෙස සරල විභාගයක් පවත්වා එම අවශ්යතාවෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසී ය.
    විවිධ වර්ෂවල දී සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් 16,000ක් පමණ වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ගුරුවරුන් ලෙස පාසල් වල සේවය කරමින් ගුරු හිඟය මගහරවා ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධ රාජ්ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ පිළිබඳ අමාත්ය මණ්ඩලය තුළ සාකච්ඡා වූ අතර ඔවුන් ගුරු සේවයට අන්තර්ග්රහණය කිරීමට අමාත්ය මණ්ඩලයේ කිසිදු විරෝධයක් පළ නොවූ බවත් ඒ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
    රාජ්ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මේ සඳහා ලබාගත යුතුව ඇති බවත් සතියක කාලයක් තුළ එම එකඟතාව ලබාගෙන ඔවුන් ගුරු අභ්යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර්ග්රහණය කළ හැකි වනු ඇතැයිද සුසිල් ප්රේමජයන්ත මහතා මෙහිදී ප්රකාශ කළේය.
    අධ්යාපන විශ්වවිද්යාලය පිහිටුවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්යවරයා තවදුරටත් කියා සිටියේ විද්යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්යාපන විශ්වවිද්යාලය පිහිටුවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල්වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් සහ අනතුරුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya