සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසීරු මොහොතේ රට භාරගනිමින් යම් ධනාත්මක තැනකට රට ගෙන ආ පුද්ගලයා මත විශ්වාසය තබන්න - මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    සැප්තැම්බර් 04, 2024

    රටක් වශයෙන් මුහුණ දෙමින් සිටින අභියෝගාත්මක තත්වයෙන් මිදීමට නම් ඒ සඳහා ඉවසීමක්, පැහැදිලි දැක්මක්, පරිණත දේශපාලන අවබෝධයක් ඇති නායකත්වයක් වෙත අවස්ථාව සලසාදීම ජනතාවගේ වගකීම බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. අද(04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එළඹෙන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව රැස්වන අවසන් දිනයේ මෙරට විශාල අර්බුදයකට ලක්වූ පසුගිය කාලවකවානුව තුළ එම තත්ත්වයන් අත්විඳි අයෙකු වශයෙන් සහ රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව අන පනත් ගෙන ආ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් තළ යුතු කරුණු කිහිපයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රටක් වශයෙන් සියලු දෙනා එකතු විය යුතු තරම් බරපතළ ජාතික ප්‍රශ්නයක සිටි මොහොතක විපක්ෂය සාම්ප්‍රදායිකව කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා,  IMF යාම සම්බන්ධයෙන් හා වැට් බද්ද පැනවීම සම්බන්ධයෙන් ද ඔවුන් සමාජය තුළ අනිසි බියක් ඇතිකළ අයුරු ද සිහිපත් කළේය

    දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%කට පත්ව තිබූ ආර්ථිකය 12% කට ගෙන ඒමට අපට හැකි වී තිබෙන බවත්, වියදම් සීමා කරගත හැකි පරිදි ශක්තිමත් මූල්‍ය කළමනාකරණ පනතක් රජය විසින් ගෙන ආ බවත් ණය ගෙවීම් සහ ණය පොළිය හැරුණු කොට පාලනය කළ හැකි සියලු වියදම් හැම විටම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% නොඉක්මවන බවත්,  නැවත මූල්‍යමය වශයෙන් හිරවීම නතර කිරීමට මේ සියලු තීරණ ගෙන ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අසීරු මොහොතේ රට භාරගනිමින් යම් ධනාත්මක තැනකට රට ගෙන ආ පුද්ගලයා මත විශ්වාසය තැබීම එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාවට  වඩාත් ඥානාන්විත වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya