සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් සඳහා ජාතික පෝෂණ ප්‍රතිපත්තියක්

    සැප්තැම්බර් 04, 2024

    පාසල් දරුවන් සඳහා ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව  පැවසීය.

     2005 සිට 2010 දක්වා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී තමා එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම ආරම්භ කළ බවත් අදටත් එම ප්‍රතිපත්තිය චක්‍රලේඛයකට අනුව පාසල් තුළ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.  

     එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි දරුවන්ට ලබාදිය යුතු ආහාර වේල සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බවත් පෝෂණ  වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දරුවන්ට ලබාදිය යුතු ආහාර වේල් සම්බන්ධයෙන් සැලසුම් සකස් කර දිවා ආහාර වේල ලබාදීම සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya