සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වේලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර, පොළී රහිතව ලබා දීමේ වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 03, 2024

    ගොවි සංවිධාන හෝ පෞද්ගලික ආයතන ඉදිරිපත් වෙනවා නම්, වී වේලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර, පොළී රහිතව ලබා දීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වී වේලීමේදී ගොවීන්ට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවක් සඳහා වී වේලන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු කර  ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    "වී මිලදී ගැනීම සඳහා දැනටමත් මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා. කීරි සම්බා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අඛණ්ඩව මිලදී ගැනීම් සිදු වෙනවා. නමුත් අද තිබෙන ප්‍රශ්නය තමයි රජය මිලදී ගන්නවාට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශයෙන් වී මිලදී ගැනීම් සිදු වෙනවා. ගොවීන්ට වැඩි මිලක් ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා.නමුත් කිසිවෙක් වී මිල සමග හාල් මිල ගැන කතා කරන්නේ නැහැ. දැනටමත් පොහොර සඳහා ලබා දෙන පොහොර සහනාධාරය වැඩි කර තිබෙනවා. පොහොර සහානාධාරය සහ අනෙකුත් සහානාධාර ලැබීමෙන් සහල් අඩු මිලට ලබා දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයිරජය කටයුතු කරන්නේ."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya