සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන වශයෙන් කුමන වෙනස්කම් සිදු වුවද, අත්සන් තැබූ ගිවිසුම් වෙනස්කළ නොහැකියි

    සැප්තැම්බර් 03, 2024

    දේශපාලන වශයෙන් කුමන වෙනස්කම් සිදු වුව,රට අත්සන් තැබූ ගිවිසුම් වෙනස් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විවිධ දේශපාලන පක්ෂ විසින් කුමන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇතත්, ශ්‍රී ලංකාවට ණය දුන් ණය හිමියන් සමග ඇති කර ගත් ගිවිසුම් වලට පරිභාහිරව  කිසි සේත් මේ රට දවසක්වත් ආණ්ඩු කළ නොහැකි බවද  අමාත්‍යවරයා කීය.කුමන ආණ්ඩුව බලයට පත් වුවත් මෙම ගිවිසුම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට අන, පනත් සම්මත කර ගෙන ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව විසින් අනපනත් 05ක් සම්මත කරගෙන ඇතැයි කීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත්සන් කර ඇති ගිවිසුම අනූව 2025ට ඇමරිකානු ඩොලර් මිලියන 5018ක විදේශ සම්පත් පරතරයක් ඇතිවීම සම්බන්ධව ඇස්තමේන්තු කර ඇතැයිද ඉන් මූල්‍ය අරමුදල මිලියන 663ක් ලබාදීමට පොරොන්දු වී ඇතැයිද පැවසුවේය.එම ණය සහන නොමැතිව තව මාස 04කින් අයවැයක් සෑදිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ඉතාමත් අපහසු වුණා. ඒ සඳහා අසාමාන්‍ය මහන්සියක් ගත්තා. වසරකට වැඩි කාලයක් මේ සඳහාගත වුණා. ලංකාවේ දේශපාලනය වෙනස් වුණා කියලා මේ දේවල් වෙනස් වන්නේ නැහැ.ජනාධිපතිවරයා නිතරම කියනවා අපි යන්නේ දැල් පාලමක කියලා"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya