ඔක්තෝබර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 16,000ක්, අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට පියවර

    සැප්තැම්බර් 03, 2024

    පාසල් පද්ධතිය තුළ සේවාව කළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 16,000 අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන් මහතා පාර්ලිමේන්තුවේ අද(03) පැවසීය.

    පසුගිය වසර දෙක තුළදී ගුරු සේවාවට 25,800 ක් බඳවා ගත් බව ද ඇමැතිවරයා පැවසුවේය.  

    සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.  

    ගුරු පුරප්පාඩු 40,000 ක් පවතින බවට පසුගිය කාලය පුරාවටම ප්‍රචාරය වූ බවත් 2019 වසරේදී පුහුණුව සඳහා පාසල්වලට 23,000 ක් අනුයුක්ත කළ අතර ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ඔවුන් බඳවා ගන්නා ලෙසට යෝජනාවක් වූ බවත් ඇමැතිවරයා පැවසුවේය. 

    මෙම 23,000 න් 7000 ක් පළාත් විභාගවලින් ගුරු පත්වීම් ලබා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළින්  පීඨ ගුරුවරුන්ට අවස්ථා දෙකකදී පත්වීම් ලබදීම සිදු කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.  

    රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය, විදේශ භාෂා ලෙස ගුරුවරුන්  බඳවා ගැනීම සිදු කළ බවත් ඉංග්‍රීසි භාෂාව සඳහා උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන් ගුරු සේවා පත්වීම් ලබාදුන් බවත් ඇමැතිවරයා පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya