සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන සේවාවේ 2024, 2025 වසරවලට අදාළ ස්ථාන මාරු ජනපතිවරණයෙන් පසු

    සැප්තැම්බර් 03, 2024

    අධ්‍යාපන පරිපාලන සේවාවේ 2024, 2025 වසරවලට අදාළ ස්ථාන මාරු මෙවර ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

    සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.  

    ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවාව සඳහා රාජ්‍ය සේවා  කොමිෂන් සභාව මඟින් අනුමත ස්ථාන මාරු පටිපාටියක් පවතින අතර එම සේවාවේ ස්ථාන මාරු පටිපාටිය එක, දෙක, තුන ශ්‍රේණි සඳහා අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 32/2022 යටතේ 2022.09.07 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ද ඇමැතිවරයා කීය. 

    2022/23 වර්ෂය සඳහා අධ්‍යාපන පරිපාලන සේවාවේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් 243 ක් යොමු වූ අතර ඒ අනුව අදාළ ස්ථාන මාරු නියෝග 2023.03.27 වැනිදා අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

     වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට  ඉදිරිපත් කරන ලද අභියාචනා තීරණවලට පසුව ස්ථාන මාරු ලබාදී ඇතැයි ද, මෙම ස්ථාන මාරු 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක යැයි ද ඇමැතිවරයා පැවසුවේය. 

    ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා නිශ්චිත ස්ථාන මාරු ප්‍රතිපත්තියක් තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya