සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාස්තු රහිත වීසා සහ ඔන් අරයිවල් වීසා ලබා දීමේ නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අවධානය

    සැප්තැම්බර් 03, 2024

    සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වීසා ගාස්තු නිදහස් කිරීම එනම්,free visa සහ on arrival visa ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව   නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වීසා ලබාදීමේදී ඇති වී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  පෙන්වා දුන්නේ, ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්  එම සංචාරකයින්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා  මෙසේද පැවසීය.

    "විදේශිකයින්ගෙන් පිරිණු මාලදිවයිනටත් අද ආර්ථික අර්බුදයක්  උදා වී තිබෙනවා. මාලදිවයිනේ සංචාරකයින්ද මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඔන් අරයිවල් වීසා  ලබා දීමේ පහසු ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya