සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගන්නවා යන්න අසත්‍යක්

    සැප්තැම්බර් 03, 2024

    මාතර ජනතාවගේ ඉඩම් රජයට පවරා  ගන්නවා  යන්න සම්පූර්ණයෙන් අසත්‍යයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

    ආණ්ඩුවට ජනතාවගේ ඉඩම් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත්, ආණ්ඩුව ලක්ෂ 20කට ඔප්පු ලබා දී ආණ්ඩුව සතු ඉඩම්ද ජනතාවට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මාතර ජනතාවගේ ඉඩම් දිගින් දිගටම යට වෙනවානම්, ඒ සඳහා වන්දි මුදලක් සහ,  එම ඉඩමම ගොවියාට ලබා දී ඒ සඳහා ආධාර මුදලක් ලබා දීමට යෝජනා වී තිබූූ බවත්, මෙය වැරදි ලෙස ජනතාවඅතර ගොස් ඇති බවද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    "මෙය අසත්‍යක්. ආණ්ඩුව ඉඩම් ගන්නේ නැහැ. ආණ්ඩුව රජය සතු ඉඩම් ජනතාවට ලබා දෙනවා. දිගින් දිගටම යට වෙනවා නම් ඒ සඳහා  වන්දියක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඒ සඳහා පත් කර තිබෙනවා. එම තේරීම්කාරක සභාව ලබා දෙන යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya