අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළට රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, පළාත් සභ ආණ්ඩුකාරවරුන් එක්විය යුතුයි- අගමැති

    නොවැම්බර් 26, 2022

    ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළට රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, පළාත් සභ ආණ්ඩුකාරවරුන් එක්විය යුතුයි; පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කමිටුවකින් පළාත් සභා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරන්න-අගමැති දිනේෂ් ගුණවර්ධන 

     රජය අද ප්‍රමුඛත්වය දී ඇති ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම උදෙසා රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් - ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මහජන නියෝජිතයන් සහ පළාත් සභා ආණ්ඩුකාරවරුන් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඔහු 2022.11.26 දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අය වැයේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

    මහජන නියෝජිතයන් නොමැතිව, පාර්ලිමේන්තුව, පළාත් සභාවලට මුදල් වෙන්කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පළාත් සභාවක් ඇති කරන තුරු, එම පළාතට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සභාවක් මඟින් කටයුතු කළ හැකියි කියා ව්‍යවස්ථාවේ පෙර තිබූ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට එකඟතාවක් ඇති කරගත හැකිද යන්න විමසා බැලිය යුතු බවද සිහිපත් කරදුන්නේය.

    තමා සභාපතිත්වය දැරූ ඡන්ද ක්‍රම වෙනස් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ගැනීමට විපක්ෂයේ සහයෝගය අවශ්‍ය බවද ඔහු කීය.

    රාජ්‍ය සේවයේ නියමාකාරයෙන් ක්‍රමවත් කොට, යළි ප්‍රතිසංවිධානය කළ යුතු බවත්, ජනතාව කඩිනම් සේවයක් බලාපොරොත්තු වන බවත් පැවසීය.

    කෝවිඩ් කාලයේ නිකුත් කළ රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම සම්බන්ධය චක්‍රලේඛය අවලංගු කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු සිද්ධ කරමින් සිටින බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

    සේවක සංඛ්‍යාවන්, හාම්පුතුන් හා රජය අතර ත්‍රෛපාක්ෂික එකඟතාවක් මත සංවර්ධනය ඉදිරියට ගෙනයන බවද කී අග්‍රාමාත්‍යවරයා, සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අග නගරය මහ නගර සභාවක් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ බවද කීය.

    ඔහු මෙසේද පැවසීය...

    “ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා වෙන අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාව ලබාදෙමින් එයට ප්‍රථම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයට සම්බන්ධ අමාත්‍යාංශයේ අවසානයේදී වේලාව නොමැති වීමට ඉඩ තිබෙන නිසා පළවෙනියෙන් එහි ලේකම්තුමාටත්, අතිරේක ලේකම්වරු හා එ්වාගේම ඒ ආයතනයේ ප්‍රධානීන් සියලු දෙනාට සේවයේ යෙදීමේදී ලබා දී තිබෙන සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා. විශාල අභියෝගයක්.

    විපක්ෂයේ ගරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය අලවතුවල මැතිතුමා සඳහන් කළ විධියට රාජ්‍ය පාලනය අපේ රටේ පළවෙනි අමාත්‍යාංශයයි. එය වඩාත් නීත්‍යානුකූල බවට ක්‍රමානුකූලභාවයේ ආරම්භය බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බවට පත් වුණා. ඒ ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ. එයට පෙරාතුව තිබුණු ආණ්ඩුකාර නියෝගයන් ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ අමාත්‍යාංශය මඟින් ඉදිරියට ක්‍රමවත් කොට ගෙනාවා.

    ඒ වගේම සෝල්බරි ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයට සුවිශේෂ විශේෂත්වයක් ලබා දුන්නා. එ් නිසා රාජ්‍ය සේවය ඉතාම ශක්තිමත් මෙන්ම ගෞරවාන්විත සේවාවක් බවට පත් වුණා. පත් කර ගත්තා. එයින් මහජනයාගේ හැම ප්‍රශ්නයක්ම විසදුනා. එකින් එක නෙවෙයි. නමුත් රාජ්‍ය සේවයේ ගෞරවය, රාජ්‍ය සේවයේ වගකීම, රාජ්‍ය සේවයේ ජනතාවට තිබෙන බැදියාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පුළුවන්කම ඇතිවුණා.

    ඊට පස්සේ අප පළවෙනි ජනරජ ව්‍යවස්ථාවට පැන්නා. යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. සෝල්බරි ව්‍යවස්ථාවේ සිට ජනරජ ව්‍යවස්ථාවට 72 පිවිසීමේදී. එයින් පසුව 78 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව, දෙවැනි ජනරජ ව්‍යවස්ථාව බවට පත් වුණා. තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය බොහෝවිට වෙනස් වුණා. මේ වෙනස්වීම් තමයි රාජ්‍ය පාලනයේ, රාජ්‍ය පරිපාලනයේ හොද හා නරක දෙකම නියෝජනය කරන්නේ.

    මං ඉතාම නිහතමානීව කියනවා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ 21 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට. මේ පසුගිය ආණ්ඩුක්‍රම සංශෝධන කිහිපයම ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුවම අරමුණ කර ගත්තත් රාජ්‍ය පාලනයට තමයි කෙලින්ම ඇතුල් වුණේ. එය නිවැරදි කර ගැනීමට හැකි කොමිසම් සභා ඇති කර ගැනීමට පුළුවන්ය කියලා යන ක්‍රියාමාර්ගය අනුව ගමන් කරා. අදත් ඒ සදහා යළි පිවිසී සිටිනවා. නමුත් ඒවායේ වගකීම් ඉෂ්ඨ කිරීමේදී හා ප්‍රමාදයන් නැතිව කෙටියෙන් සේවාව ජනතාව බලාපොරොත්තු වෙනවා.

    ජනතාවට තිබෙන ප්‍රධාන කරුණ බවට අද කෙටියෙන් සේවය බලාපොරොත්තු වීමයි ගරු කතානායකතුමන් සිදුවිය යුත්තේ. ඉතින්, අමාත්‍යාංශයේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමන්ලා, අතිරේක ලේකම්තුමන්ලාගේ සිට දිස්ත්‍රික් ලේකම් තුමා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා අලවතුවල මැතිතුමා සදහන් කළ ග්‍රාමසේවක දක්වා බලාපොරොත්තු වෙන්නේ සේවාව ඉක්මනින් ලබා දීම.

    රාජ්‍ය පරිපාලන අපේ අමාත්‍යාංශයට එය ඉටු කිරීම සඳහා යළිත් වරක් අතරතුර එකතු වෙච්චි දෙයක් තියෙනවා. අවුරුදු 35 ක් ගත වෙලා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් ඒකෙ අධිපති පමණයි සිටින්නේ. මම ඉතාම ගෞරවයෙන් කියන්න ඕනේ අධිපතිලා විතරයි ඉන්නේ. අධිපතිලා 09 ක් ඉන්නවා. There like commander of Regiments. Below that know electret represent age and this parliament read notice for many years now. ඒ නිසා ඔබතුමාලත් සමඟ අපි එකඟයි.

    පළාත් සභාවලට මහජන නියෝජිතයො නැතිව අපි පාර්ලිමේන්තුව මුදල් අනුමත කරමින් ඒ මුදල් ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට මේ අධිපතිවරු ජනාධිපතිවරයාගේ අණසකට පමණයි ඇත්ත වශයෙන් යටත් වී තිබෙන්නේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන පිලිවෙත් හෝ රාජ්‍ය සේවයේ කුමන පිළිවෙත් අනුගමනය කරන්නේ කිව්වත් එයයි තත්ත්වය. ඉතින් මෑත කාලයේ අභියෝගය මෑත කාලයේ ඇති වී තිබෙන දැවැන්ත සාකච්ඡාව රාජ්‍ය පාලනය වඩාත් ක්‍රමවත්ව කිරීම හා ඉක්මනින් මහජනයාට ලබාදීම. සේවය ලබාදීම. දැන් මේ අනුව හුඟක් තැන්වල nonstop shop කියලා ඇති කිරීම දේ ලෝකය පුරා ගමන් කරනවා. ආයෝජකයන් බලාපොරොත්තු වෙන රටවල ආර්ථිකය ක්‍රමවත් කිරීමට බලාපොරොත්තු වන රටවල මේ සදහා ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියන ස්ථාවරය මත කටයුතු කරනවා. අද මොකක්ද වෙලා තියෙන්නේ. ඒ සදහා අපි නිවැරදි කිරීමට දරන උත්සාහයන් අවුරුදු කිහිපයක්ම සාකච්ඡා කළා. එය රාජ්‍ය සේවයට පමණක් සිමා වෙන්නේ නෑ.

    මේ පෞද්ගිලික අංශයත් ඉල්ලා සිටිනවා අළුත් ආයෝජන පැමිණියාම, අළුත් ආයෝජන ඇති කරන්න ගියාම මේ ඵලදායි තත්ත්වය ඉක්මනින් ඇති කිරීම සදහා නම්, මහජන සේවාව බලාපොරොත්තු වෙනවා නම්, මේ කටයුත්ත ඉටුකරන්න පුළුවන් ක්‍රමවේදය ඉක්මන් කරන්න කියලා.

    රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය හැටියට පාර්ලිමේන්තුවේ ප්‍රතිඥාවක් දුන්නා රාජ්‍ය සේවයේ නියම අනුව ක්‍රමවත් කොට, යළි ප්‍රතිසංවිධානය කළ යුතුයි. ඉතින් ඔබතුමාත් කිව්වා විපක්ෂය වෙනුවෙන්, මාත් එකඟ වෙනවා අමාත්‍යතුමා හැටියට. විශාල ප්‍රතිසංවිධානයකට පරිවර්තනය කරන්න. සංඛ්‍යා ලේඛන මත පමණක් මෙය කරන්න බැහැ. අපේ රාජ්‍ය සේවයත්, ඒවාගේම අපේ රාජ්‍ය ආයතනත්, ඒවගේම ත්‍රිවිධ හමුදාවල් අන්තර්ගත වෙනවා විවිධ ගෙවීම් වලට අද එය 1,436,000 ක් ඉක්මා තියෙනවා. මේ බර අපි ඇති කලේ. ඉදිරියට ගෙන යන්නත් ඕන අපි. නමුත් එය ඵලදාවකට පරිවර්තනය කිරීමේ අපේ ඉන්න රාජ්‍ය සේවකයන් සහභාගී කරවා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමට, ග්‍රාම සේවක මට්ටමට වඩා ක්‍රමවත්ව රටේ නිෂ්පාදන හා සේවාවක් ලබාදීමට යොමු විය යුතුයි කියන කාරණාව අයවැය ලේඛනයේ ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා ඇතුලත් කළා.

    මේ 14,022 ක් වන ග්‍රාමසේවක කොට්ඨාශ කටයුතු නොකළොත් ග්‍රාමීය ජනතාව අතරට, ග්‍රාමීය ජනතාව හරහා දිස්ත්‍රික් අතරට පැතිරෙන ඔබයි, මමයි හැමදාම කතාකරන ඵලදායි කත්වය වැඩි කිරීම හා දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රශ්ණයට අපි මුහුණ දෙනවා. දැන් සංඛ්‍යා ලේඛන සමීක්ෂණයක යෙදී තිබෙනවා. රාජ්‍ය සේවකයන් ගම් මට්ටමේ සිට එකතු වෙමින් සුබසාධක මණ්ඩලය මඟින් අපි ඉදිරි කාලයේදී මේ සංඛ්‍යා ලේඛන පිළිබද නිවැරදිතාවයක් ලෝක බැංකුවයි අපියි සාකච්ඡා කරලා ක්‍රියාත්මක කිරිම සඳහා . පනත සම්මත කරලා අවුරුදු 10ක්. නමුත් දැනුයි අපි ක්‍රියාත්මකභාවයට එන්නේ. සංඛ්‍යා ලේඛන ගැටළුවක් තිබෙන නිසා. මා හිතනවා ඒ වගේම රජයේ සේවයේ ඉදලා විශ්‍රාම ගියපු සංඛ්‍යාව 675000 ක් පමණ සිටිනවා. මේ සදහා ඔබතුමා සදහන් කරපු විධියට දැවැන්ත විශ්‍රාම මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම විශ්‍රාමික වගේම පාරිතෝෂික දීමනාවත් විශ්‍රාම යන වෙලාවේ බලාපොරොත්තු වෙනවා.

    මේ ප්‍රශ්නයේ දෙවැනි කාරණාව ඉදිරි කොටස් දෙකකින් විසදා ගැනීමට රජය හා භාණ්ඩාගාරය අපේ අමාත්‍යාංශය සාකච්ඡා කරලා, එකඟතාවයකට පැමිණ ඉන්නවා. ඒ ප්‍රශ්නය අපි හිතනවා ඒ ආකාරයෙන් විසදගන්න පුළුවන් වෙයි කියලා. ඉදිරි වසර අඩභාගය තුළ. නමුත් විශ්‍රාමිකයන්ට දෙන්ඩ දීමනා රාශියක් තිබෙනවා. ඒවා විසද ගැනීමට අවශ්‍ය කටයුතු අපේ අවධානයට යොමු කොට ක්‍රියා කිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා ගරු කතානායකතුමනි, මොකද අපි ඉන්නේ ජීවත් වෙන්නේ මහා මුදල් අර්බුදයක. මුදල් හා ණයගැතිභාවය පිළිබද අර්බුදයක. එයින් ගොඩ එන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛකත්වය දෙමින් ඒ වගේම ඒ කටයුතු පවත්වාගෙන යාමට රටේ යහපත සඳහා අවශ්‍ය වන යම් යම් වෙනස්කම්වලට භාජනය කරමින් දැනට මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. අපි ඒ අභියෝගය එක හැටියට පිළිගන්නවා. ඒ ප්‍රශ්නය විසදා ගත්තොත් සියලු පුරවැසියන්ට අදට වැඩිය සත්දෘෂ්ටයකට පරිවර්තනය විය හැකියි. නැත්නම් මේ ප්‍රශ්නය හා ජීවත්වීමේ ගැටලු හරහා ගමන් කරන්න වෙනවා. ජනාධිපතිතුමා ආණ්ඩුව භාරගන්න කොට රට තිබුණු තත්ත්වය ඔබ අපි හැමදාම මේ සභාවේ කතාකළා. ප්‍රශ්න තිබුණා. විදුලි ප්‍රශ්නය තිබුණා . ඉන්ධන නැති ප්‍රශ්නයක් තිබුණා. පොහොර ප්‍රශ්නය තිබුණා. මේ ආදී ප්‍රශ්න රාශියක් හැම ගෙයක් දොරකටම ගම්නියම් ගමකටම බලපෑවා. ඒකටත් මැදි වී සිටියේ රාජ්‍ය නිලධාරීන්. යම් යම් ගෙවීම් ඉල්ලා ගැනීමට, යම් යම් ප්‍රතිපාදන ලබාදීමේදී , විවිධ ගැටලුවලට මුහුණ දෙමින් රාජ්‍ය සේවයේ සේවාව පවත්වාගෙන යාමට පුළුවන්කම තිබුණා. ඒ අනුව යම් යම් චක්‍රලේඛන අපි නිකුත් කළා. ඒ තත්ත්වය දැන් බොහෝදුරට යම්කිසි මට්ටමකට අපි පාලනය කරගෙන තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් සම්පූර්ණ කර ගැනීමේ ඉලක්කයට අප ගමන් කරන්නට ඕනා.

    ගරු කතානායකතුමනි, ඒ ඉලක්කයට ගමන් කිරීමේ එක ප්‍රධාන කාරණාවක් හැටියට මම කලින් සදහන් කරපු මුදල් අර්බුදය වගේම ආහාර සුරක්ෂිතභාවයට ප්‍රධානත්වය දීලා තිබෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතභාවය තුළ අහරින් ස්වයංපෝෂිත වීම තුළ අපේ හැම ගමක්ම ගම් නියං ගමකම කැපවීමේ අවශ්‍යතාවය අවශ්‍ය වෙනවා. එය රජයට පමණක් කරන්න බෑ. රාජ්‍ය නිලධාරීන්ට පමණක් කරන්න බැහැ. නමුත් මේ පණිවුඩය , රාජ්‍යයේ වගකීමේ පණිවුඩය ක්‍රියාත්මක කිරීම ඒ ග්‍රාමයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන් හා පෞද්ගලික අංශ සහ විවිධ සංවිධාන එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මත එතැන් පටන් අවශ්‍ය පියවරවල් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. මෙය තමයි පළවෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට වාගේම අපේ කර්මාන්තකරණයට අඩිතාලමක් වූ අපේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශක්තිමත් කිරීමටද එ් මට්ටමෙන් සිට ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිතුමා මේ වන විට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සියල්ලම පත් කරලා හමාරයි. එහි සභාපතිවරු පත්කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්ලා සමඟ කටයුතු කරන්න. ඒවාගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටු 95%ක් පත් කරලා තිබෙනවා. ඒ සභාපතිවරු සමඟ ප්‍රාදේශීය ලේකම්වරු 300 කට අධික ප්‍රමාණයක් කටයුතු කරමින් එ් සැලසුම්, තොරතුරු, ඒවාගේම මැදිහත්වීම් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ග්‍රාමසේවක මට්ටමද එය සම්බන්ධීකරණය කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය වෙනවා. ඒ එක පැත්තක්.

     

    නමුත් පළාත් සභාව වෙනම තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ. දැන් පළාත් සභාවත් දිස්ත්‍රික්කයත්, එකට සංවර්ධන කටයුතු සඳහා එකට වැඩ කිරීමේ මූලික න්‍යාය අවශ්‍ය වෙනවා. ඒ මූලික න්‍යායේ පදනම් අපි දීර්ඝ කාලයක් උත්සාහ දරලා තියෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 25 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක දිස්ත්‍රික්ක 25. එයයි එයට වෙන්කරන සේවා හා සැපයීම් ප්‍රතිපාදන හරියාකාරව යොමු කිරීම හා කතානායකතුමනි, පළාත් සභා ඒ හා එක්වෙමින් කටයුතු කරන්නේ නම් මේ මහා ධනස්කන්ධය අපතේ යාම වලකා ගන්න පුළුවන්. මේ අර්බුදයේ එක ලක්ෂනයක් තමයි වැය නාස්ති නොකර ගමන් කිරීම. අපි නාස්තියට බොහොම සූදානම් නිසා ඒ තත්ත්වය නිවැරදි කිරීමේ උත්සාහයකට අපි යෙදිලා තියෙනවා. ඒවගේම කෝවිඩ් අර්බුදය කාල පරිච්ඡේදයද අපි එකට කටයුතු කරන්නට පුළුවන්කම ඇතිවීම නිසා ඒ අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගන්නට පුළුවන්කම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටත්, අපේ රටේ , අප සැමදෙනාගේ එකමුතුව හා අධිෂ්ඨානයත් රටට ඵලදායී බවට පත් වුණා.

    දැන් මම එකින් එක කියන්න වෙලාව නැහැ නමුත් මම උත්සාහ දරන්න ඕනේ. අද අහන මේ ඡන්ද ගැන කාරණාවල්වලට උත්තර දෙන්න. පළාත් සභාවේ ඡන්දය පවත්වලා නැති හේතුව අපි ඔක්කොම දන්නවා. ඒක හිටපු නියෝජ්‍ය අමාත්‍ය අලවතුවල මැතිතුමා ප්‍රකාශයට පත් කළා. පළාත් සභාව සංශෝධනයක් ගෙනෙන්නට උත්සාහයක් දරලා, පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරලා, පසුගිය රජය එය හිරවීමකට ලක්වී තිබෙනවා. ඒ අවස්ථාවේදීත් අපි ප්‍රකාශ කළා. මෙය බොහෝවිට අවසන් වන්නේ ඡන්දයක් නැති හිරවීමකට පරිවර්තනය වීමෙන්. එදා රාත්‍රියේ ඔබතුමාට මතකයි, මටත් මතකයි, මගේ මිත්‍ර ලක්ෂ්මන් කිරි ඇල්ල මැතිතුමාටත් මතකයි . මම ඡන්ද මැතිවරණ කොමිටියේ සභාපතිවරයා හැටියට හිටියට එදා ගෙනාපු සංශෝධනය හදිසියේ ගෙනාපු සංශෝධනයක්. ඔබතුමාලගේ රජය විසින්. අන්තිමේ දී ඒක ගෙනාපු ඇමතිතුමාත් ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. මේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසගත විහිලුවක් ලංකා පාර්ලිමේන්තුව සටහන් කරලා නෑ. Normally the Minister would walk away from the house if he doesn’t agree. Even to amendment if a Minister or Deputy minister doesn’t agree the practice has been in walkes away from the Chamber. නමුත් here while we being in the chamber proposer himself oppose the amend. ඉතින් අද දක්වා ඒක ලිහා ගන්න බැරි අර්බුයක් බවට මා මැතිවරණ කොමිටියේ සභාපතිවරයා හැටියට එය ලිහා ගැනීමට උත්සාහ දැරුවා. සාක්ෂි විමසුවා. ඉතින් ඒ අනුව යම් යම් නිර්දේශ කර තිබෙනවා. ඒ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ගැනීමට විපක්ෂයේ සහයෝගය අවශ්‍යයි. මොකද විපක්ෂය අත්සන් නොකර නැගිටලා ගියා. අන්තිම දවසේ. අන්තිම දවසේ. නැගිටලා යාම නිසා ඔබතුමාලා අත්සන් කරලා නෑ. අපිත් එක්ක අත්සන් කරපු සමහර අය දැන් විපක්ෂයේ ඉදගෙන ඉන්නවා. ඒ අයගෙත් සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මෙහිදී පිළිගත්ත එක කාරණාවක් තමයි පළාත් පාලන සංඛ්‍යාව වැඩියි, මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගත යුතුයි කියලා. අපේ ලේකම්තුමිය විශාල මහන්සියක් උනා. ලේකම්තුමිය හැටියට. මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් තිබුණා. යෝජනා කළා. සාකච්ඡා කළා. සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වුණා. මැතිවරණ කොමිසම පවා ගෙන්වා එකඟතාවයකට පැමිණියා.

    එ් කියන්නේ ඒ තිබුණ තත්ත්වය අඩු කරමින්, 70 යි 30යි කියලා.මැතිවරණය තිබ්බොත් මන්ත්‍රී ආසන 2000ක් පමණ අඩු වෙනවා. ඉතිං මේකට එකඟතාවයක් ගැනීමට බොහෝ අය එකගතාවයට සමහර වාර්තා කරන දවසට එකඟවෙනවා. පසුව වාර්තා කරන්න හදනකොට එකඟ වෙන්නේ නැහැ. කොහොම උනත් ඒ මඟින් 2000ක් අඩු කරන්න තිබුණා. ඊට පස්සේ මේ එල්ලන මන්ත්‍රීවරු සංඛ්‍යාව පමණක් අඩු කිරිමකට පරිවර්තනය වෙනවා. නමුත් අපි දැන් දෙගොල්ලොම පිළිගන්නවා ජනාධිපතිතමා ප්‍රකාශ කළේ බිලියන 1.7 පමණ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැය කරනවා. 4000කට ආසන්න ප්‍රමාණයකට මෙය අඩු කරන්න පුළුවන් කියලා. ඒ මුලික පදනම තිබුණේ එතනයි. මූලිකව තිබුණ් ඒ 4000 පදනම වෙනසකට භාජනය කලේ ඔබතුමාලගේ රජය අවසාපයේ මේ එල්ලන ඒවයි ගණනාවක් අන්තර්ගත කරලයි. මම පිළිගන්නවා.

    විරුද්ධ පක්ෂයේ ඡන්ද ජයග්‍රහණය කරන්නේ නැත්නම් ආණ්ඩු පක්ෂය විතරක් නොවෙයි, ආණ්ඩු පක්ෂයේ ඡන්දත් ජයග්‍රහණය කරන්නේ නැත්නම් ඒ ඡන්දවලට නියෝජනයක් සභාවක තියෙන්න ඕන. ඒකට තමයි අනුපාත ඡන්ද ක්‍රමයේ එක ලක්ෂණයක් බවට ගෙනාවේ. පරාජිත ඡන්ද ජයග්‍රහයික ඡන්දවලටත් එකට වැඩකල හැකි නියෝජිතයන් නියෝජනය වන සභාවල් ඇති කිරීම. මම ඒ මතය දරනවා කාරක සභාවේ සභාපාතිතුමා හැටියට. මම ඉතාම ඕනෑකමින් කියනවා, මම අදත් ඒ මතය දරනවා. නුමත් එහෙම නැතිව ජයග්‍රහයකයාට පමණක් මන්ත්‍රී ධුරය පිරිනැමුවහොත් ඒ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ කථානායකතුමනි. ඒ නිසා මේ යෝජනා කරපු සාකච්ඡාව පවත්වලා මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමේ සීමා නිර්ණය කොමිෂමක් වැඩ කරගෙන යන අතර, අපි සාකච්ඡා කරලා මේක ප්‍රායෝගික බරක් නැති ඵලදායී සභාවල් බවට පරිවර්තනය කරන්න එකට වැඩ කරමු කියන එකට මමත් ඔබතුමාලට ආරාධනය කරනවා. ජනාධිපතිතුමත් සූදානම් ඒ ගැන කතා කරලා යම් කිසි වැඩපිළිවෙලකට එන්න.

    එසේ කටයුතු කරන්න අපිට පුළු;වන් උනොත් විශාල ප්‍රගතියකට අපේ රටේ ඡන්ද ක්‍රමය ඉදිරියට ගෙන යාමට පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම ගරු කථානායකුමනි, අපි මුහුණ දෙන තව ප්‍රශ්නයක් තමයි ග්‍රාම සේවක සේවාව. 14000කට අධික ග්‍රාම නිලධාරි සේවාවක් ඇති කිරීම සදහා වු කාරණාව සාකච්ඡාවට ගනිමින් එය විසඳා ගැනීමට වූ ඕනෑකමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම රාජ්‍ය සේවයේ විශ්‍රාම යාම සඳහා හෝ නිවාඩු ගොස් මේ අමාරු කාල පර්ච්ඡේදයේ විදේශගත වීම සඳහාද අවසර ලබා දී තිබෙනවා. එය තමන්ගේ උසස්වීමවලට බාධා නොවන ආකාරයකින් එය ලබා ගැනීමට පුලුවන්කම ඇති කරලා තියෙනවා.

    ඒ වගේම මා මිත්‍ර අධ්‍යාපන අමාත්‍ය, සභානායකතුමාට මුහුණ දෙන්න සිදුවුණා බලාපොරොත්තු නොවූ යම් යම් අයගේ කටයුතු සඳහා. පැරණි චක්‍රලේඛනයක් පෙන්වා දෙමින් පාසැලකට ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න පුළුවන් කියලා පිරිසක් පැමිණෙන්න පටන් ගත්තා. ඉතිං කථානායකතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිස්වැසුම් තහනම් කළා කාලයක් , කලින් කාලයක් තිබුණා හිස්වැසුම්. ඒක පරණ ක්‍රමය. නමුත් කාලයක් තහනම් කළා. ඉතිං අපි මේ පාර්ලිමේන්තුවත් ඕනෑම පිළිගත් ආයතනයක් හැසිරෙන්න ඕන ක්‍රමවේද තියෙනවා. ඒ නිසයි ඇමතිතුමා ඒ ගුරු පරම්පරාවෙන් ඉල්ලුවේ. ඒ චක්‍රලේඛනය කෝවිඩ් කාලයේ නිකුත් කරපු චක්‍රලේඛනයක්. දැන් එය අවලංගු කරන්න රාජ්‍ය පරිපාලනය කටයුතු සිද්ධ කරනවා.

    ඒ වගේම තමන් ඉන්න ප්‍රදේශයට කිට්ටුව සේවය ලබා ගැනීමට, එම සේවය නිශ්පාදනයට බද්ධ කර ගැනීම සඳහාත් අවස්ථාව රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තියෙනවා. එය අපෙ රටේ ආහාර නිශ්පාදනයටද සමගාමී කර ගැනීමේ උත්සහය සාර්තක කිරීම සහ වියදම අඩු කර ගැනීමට වවිධ ක්ෂේත්‍රවල වැඩ කරන රාජ්‍ය සේවකයන්ට එය ඉතාම අවශ්‍ය ප්‍රතිසංවිධානයේ ඉදිරියට සිදුවිය යුතු කටයුත්තක් ලෙස අපි සලකන්නට ඕන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ත්‍රෛපාක්ෂික කමිටු මඟින් අපේ රටේ බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංවිධාන පරිපාලන ප්‍රතිසංවිධාන සඳහා වෙන් වෙන් ඇති කර ගැනීමේ යම් කිසි බරපතලකම තේරුම්ගත් සේවක සංඛ්‍යාවන් හාම්පුතුන් හා රජය අතර එකඟතාවනේ මේ අර්බුදය හරහා ගමන් කරන අපේ අලුත් යෝජනාවල් ප්‍රතිසංවිධානය පිළිබඳ යෝජනාවල් ක්‍රියාත්මක කිරීමට පුළුවන්කම රටේ යහපත සඳහා වැඩිකරගන්න පුළුවන් වෙයි කියලා. ඒ අතර තුර පසුගිය ජූලි මාසයේ, ජූනි මාසමේ මුල තමයි මම අමාත්‍යංශයේ වැඩ බාර ගත්තේ ඉතිං මේ කාල සීමාවතුල අපේ මහනගර සභා බවට දිස්ත්‍රික්ක අගනුවර පරිවර්තනය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට එය දැන් අවශ්‍ය නීතීමය පියවරවල් ගෙන ප්‍රකාෂයට පත් කරලා ගැසට් කරලා තියෙනවා මීලඟ ඡන්දයට. එහෙම මහ නගර සබාවල් බවට පත්වීමට අපේ දිස්ත්‍රික්ක 08ක් පමණ මම ඒ ලේඛනය ඉදිරිපත් කරන්නම්, එසේ මහ නගර සභා බවට පත් කරනවා. අපේ හිටපු ඇමතිතුමා, මොණරාගල නියෝජනය කරන මොණරාගල නගරයත් එයට අන්තර්ගතයි. අපි මේ ක සීමා කරලා නැහැ. උතුරු පළාතේ ජනතාවගේ ඕනෑකමට වවුනියාව මහනගර සභාවක් ලෙසට දැනටමත් ගැසට් පත්‍රය නිකුත කරලා තියෙනවා. ත්‍රිකුණාමලය ඒ වගේම මුලතිව්, මුලතිව් මහ නගරයක් වන්නෙ නැහැ නමුත් ප්‍රාදේශීය සභාවකින නගර සභාවක් බවට පත් වෙනවා. මන්නාරම මහ නගර සභාවක් බවට පත්වීමේ කටයුතු මේ අපේ පළාතේ කළුතර, කෑගල්ල වැනි කේන්ද්‍ර නගර මේ තත්ත්වයට පත් වෙනවා.

    ඉන් පසුව දැනට තිබෙන නිර්ණායක අනුව අනෙක් නගර පිළිබඳවද ඒ නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව අලුතින් හිතන්න ඕන. මොකද අපි නිකම් පැටවු ගැහුව වගේ මේවා වැඩි වැඩියෙන් ඉටු කරා කියලා මහජනයට බර විතරයි එකතු වන්නේ. අලවතුවල මැතිතුමා ප්‍රකාශ කළා දූෂණය හා නාස්තිය පිළිබඳ මේ ආයතනවල ඉතිං ඒවා පිළිබඳව බාරව ඉන්නේ ගරු ඇමතිතුමනි ඔබතුමාලා ඇති කරපු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි.

    13 වන ආණුඩුකම ව්‍යවස්ථාව. කාගේ බාරයේද මේවා තියෙන්නේ?. ආණ්ඩුකාරවරු භාරයේ. ආණුඩුකාරවරුන්ට පුළුවන් කමිටු පත් කරලා පරීක්ෂණය සිදු කරලා අවශ්‍ය තීරණ ගන්න. මම දරන මතය එයයි. එය කරන්න බැරිනම් එකඟ වෙනවනම් සංශෝධනය කරලා ඒ බලය අපේ පැත්තට ගන්න. එතකොට කෙලින්ම පළාත් පාලනයේ එවැනි වැරදිවලට අපට සහභාගී වෙන්න ක්‍රියා කරන් හා මැදිහත් වෙන්න පූර්ණ බලයක් තියෙනවා.

    මහ මැතිවරණය ඉල්ලා සිටියා තමුන්නාන්සේලා අපිට තව අවුරුදු 02ක් තියෙද්දී. ඒකත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න. රට මේ වැටුණු අර්බුදයෙන් ගොඩ ගන්න. ඒ වගේම මේ පළාත් පාලනයේ ඇමතිතුමාගේ බලතලය යටතේ දික් කරන බලයක් තිබුණා අවුරුද්දක්.

    ඒක දික් කරන වෙලාවේ කවුරුත් කිව්වේ නැහැ දික් කරන්න එපා කියලා. කිවිවේ නැහැ ඉතිං දික් කරන්න ඉඩ දුන්නා.

    එදා කිව්වනම් නෑ දික් කරන්න එපා මෙය පවත්වන්න කියලා එහෙම උද්ඝෝෂණයක් තිබුණේ නැහැ.දැන් අපි සීමා නිර්ණය සමඟ ඔබතුමා දැන් යෝජනා කරපු කරුණු පදනම් කරගෙන ඉක්මන් සාකච්ඡාවක් මැතිවරණ කොමිසමක් කැදවලා අපි උත්සහයක් දරමු ඉක්මණින් මේ කටයුතුවලට විසඳුම් මාර්ගය ඉක්මන් කර දීමට. මොකද මැතිවරණ කොමිසම තමයි ඡන්දය තියන්නේ. ඡන්දය තියන්නේ මැතිවරණ කොමිසම මිසත් වෙන ආයතනයක් නොවෙයි. ඒ නිසා අපි ඒකට ලබාදිය හැකි සහයෝගය මා හිතනවා.

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාව සම්මත කරනකොට ගරු කථානායකතුමනි, මෙහි අන්තර්ගත කළා වැදගත් වගන්තියක්. එහි 15 ඩී වගන්ති යටතේ පළාත් සභාවක් ඇති කරන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම පළාතට අයත් අයගෙන් සමන්විත සභාවක් මඟින් කටයුතු කළ හැකිය.

    It is in 154 D (03) also එකේ තියෙනවා ප්‍රතිපාදන එකක් නමුත් ඡන්දය තිබ්බට පස්සේ ඒ වගන්තිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. දැන් අපි මුහුණ දෙන ප්‍රශ්නයේදී මම නම් දන්නේ නැහැ එකඟතාවයකට එයිද කියලා. මේ පාර්ලිමේන්තුවට හරි කැඳවලා ගරු කථානායකතුමනි, ඒ පළාතේ මන්ත්‍රීතුමාලට මේ කටයුතු ගැන මේ වගන්තිය ක්‍රියාත්මක කරන්න බැරිනම් කටයුතු කළ හැකි වැඩපිළිවෙලක් ගැන මම ගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ මන්ත්‍රීවරු පළාත තුල එදිනෙදා පාලනය එදිනෙදා සංවර්ධනය සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රීලා පමණයි ඉන්නේ එයට පහල පළාත් සභා මන්ත්‍රීලා නැති නිසා. ඒ ඡන්දය තියෙන තුරු එවැනි විසඳුමකට අපි ගමන් කරන්න ඕන.

    ඒ වාගේම මම යළිත් සිහිපත් කරනවා කලින් සදහන් කරා වගේ දැනට අපි විශ්‍රාමිකයන්ගේ උරුම වෙච්ච ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න රාශියේදී විෂමතාවයන් විටින් විට ඇති වුණා. එක් එක් රජයන් විසින් ඇති කළ තීරණයන් පිරිදි එ් විෂමතාවයන් ඉවත් කර ගැනීම සහ විසදා ගැනීමේ අවස්ථාවට පිවිසෙන්න. ඒ වගේම යම් යම් සේවයට පත්වුණු උපාධිධාරීන්ගේ ප්‍රශ්න තිබුණා තමන්ට හිමි බලාපොරොත්තුව ඉටු කර ගැනීමට. එය විසඳා ගැනීමට පුළුවන් ක්‍රියාමාර්ගයකට අපි පැමිණියා. අධ්‍යාපන ඇමතිතුමත් යෝජනා කළා. අපි එකඟතාවයකට පැමිණ යම් කිසි අනුමැතියකට පැමිණ තිබෙනවා ඔිනෑම දෙපාර්තමේන්තුවක සිටින සේවකයන්ට ස් විභහගයට ඉදගෙන ගුරු සේවයට හෝ ගුරු සේවා ව‍්‍යවස්ථාවට පත්වෙන්න. ඊට පහළ තව විභාග කිහිපයක් ඇති කරලා ඒවායේ ප්‍රතිඵල නිකුත් කරලා බඳවා ගත්තත් ඊට පහල අය පුරප්පාඩු සඳහා සලකා බලන්න කියලා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරල තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන් පුළුවන් කියන ප්‍රමාණය අපි පුරප්පාඩු පිරවීම සඳහා වූ වැඩ පිළිවෙල යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

    මම කතාව අවසන් කිරීමේදී ගරු කථානාකතුමනි, අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙදෙනා අපේ වක්කුඹුර මන්ත්‍රීතුමත්, අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමත් මේ විවාදයේදී කතා කලා. ඒ අතරතුර ම මඅද තියෙන අනෙක් අමාත්‍යංශ ගැන වචනයක් කියනන් ඕන.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය අපේ අයවැයේ අනාගත බලාපොරොත්තුව බවට පත් කරලා තිබෙන්නේ , මම මුලින් සඳහන් කරපු ආහාර සුරක්ෂිතතාවයට අමතරව තරුණයන් සඳහා. එ නිසා තරුණයන් සඳහා වූ බලාපොරොත්තු ඇති වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කිරීමෙන් තරුණ පරම්පරාව කෙරෙහි , අනාගතයේ වගකීම් ගන්නාවු අනාගත පරම්පරාවක් කෙරෙහි ඒ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් ශක්තිය සදහාද අපේ අමාත්‍යංශය වැඩ කරන්න සිද්ද වෙනවා. ඒ තුළින් තමයි ග්‍රාමීය වශයෙන් ග්‍රාමීය පුනර්ජීවන කටයුතු ප්‍රාදේශීය සංවර්ධන කමිටු දිස්ත්‍රික් සංවර්ධන කමිටු මඟින් අලුත්අවස්ථාවල් තරුණ පරම්පරාවට පුහුණුව හා තම ජීවනෝපාය කර ගැනීමේ අලුත් බලාපොරොත්තුවට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. එසේ සඳහන් කරමින් රාජ්‍ය සේවයේ කුමන ගැටලු තිබුණත් ඉතා දුෂ්කරව මේ සේවාව ඉෂ්ට කරන සියලු නිලධාරීන්ට මම මගේ ස්තූතිය සහ එයට දක්වන සහයෝගය දක්වන දෙපාර්තමේන්තු සියල්ලද ඒ අවස්ථාවට සදහන් කරනවා.

    ඉන්දියාවේ අග්‍රවිනිශ්චකාර Chandrachud ප්‍රකාශ කරලා තියෙනවා මෑත කාලයේ

    “No institution in a constitutional democracy is perfect”

    මේ Judgement මුළු ඉන්දියාව පුරා ක්‍රියාත්මක වෙනවා ප්‍රතිසංවිධානයන් හා අලුත් තත්ත්වයන් තුල ඉදිරි සංවර්ධනය සඳහා ඒ සඳහා අපි සියලු දෙනා එකට සහයෝගය දෙන්න කටයුතු කරමු.”

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya