අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ධීවර හා සාගර විද්‍යා ක්ෂේත්‍ර තුළ නව පිබිදීමක් ඇති වෙලා

    අගෝස්තු 20, 2014
    නාවික ක්‍ෂේත්‍ර‍යේ ඇති අවස්ථාවන් හා ආර්ථික වැදගත්කම ජනාධිපතිතුමා ධීවර ඇමතිවරයා ‍ලෙස කටයුතු කරන අවධි‍යේදීම දැක්ක නිසා එතුමා නිවැරදි තීන්දු තීරණ අර‍ගෙන සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු ක‍ළ බවත් අද ධීවර හා සාගර විද්‍යා ක්ෂේත්‍ර තුළත් නව පිබිදීමක් ඇති ‍ව තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමිනි. 

    ‍මේ විශ්වවිද්‍යාලය පළමු වරට ආරම්භ ‍ක‍ළේ ධීවර ජනතාව‍ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදී‍මේ අරමුණින් වුවත් පසුව එය ඩිප්‍ලෝමා හා උපාධිය දක්වා ඉහළ තැනකට ‍ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළා. නාවික ක්‍ෂේත්‍රය දියුණු තැනකට ‍ගෙන ඒමට නව තාක්ෂණය ‍යොදා ගැනීමට ‍මෙම පනත් ‍කෙටුම්පත මඟින් හැකි‍වෙනවා. ධීවර ක්‍ෂේත්‍රය තුළත් සාගර විද්‍යා ක්‍ෂේත්‍රය තුළත් නව පිබිදීමක් ඇති ‍වෙලා. සාගර විශ්වවිද්‍යාලය ඇතුළත මෑතකදී අර්බුදයක් හට ගත්තා. එම අර්බුදයට මුහුණ ‍දෙමින් ඉදිරියට ආ අ‍පේ තරුණ නංගිලා මල්ලිලාට මා ස්තුති වන්ත ‍වෙනවා යැයි ඔහු පැවසීය. 

     

    ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත අද ‍‍සාගර විශ්වවිද්‍යාලය කියන ආයතනය ඉදිරියට ආ‍වේ. නිදහස් අධ්‍යාපන‍යේ ඉහළ ම තැනට අද රට පැමිණ ති‍බෙනවා. මහින්දෝදය ගණිතාගාර, විද්‍යාගාර, භාෂාගාර තාක්ෂණ විෂය ධාරාව හා සාගර විශ්වවිද්‍යාලය වැනි ආයතන බිහි ‍වෙලා ති‍බෙනවා. ‍මේ සියල්ලම මහින්ද රාජපක්ෂ යුග‍යේදී සිදු කරන්න හැකි වු‍ණේ නිවැරදි නායකත්වය නිසයි. නාවික ක්‍ෂේත්‍ර‍යේ සැබෑ ‍කොටස්කරුවන් ‍‍ලෙස ග‍මේ අම්මා තාත්ත‍ගේ දරුවන්ට අවස්ථාව ලබාදී ති‍බෙනවා. නව සාගර විශ්වවිද්‍යාලය නීති රාමුව තුළ ධීවර ප්‍රජාව‍ගේ දරුවන්ටත් අවස්ථාව හිමි විය යුතුයි. නැතිනම් ජනාධිපතිතුමා ‍මේ සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කළ අරමුණ ඉටු ‍වෙන එකක් නැහැ. ඒ ව‍ගේම ධීවරයන්ගේ කා‍ලෝචිත ගැටලුවලට විසඳුම් ලබාදීමටත් සාගර විශ්වවිද්‍යාලයට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

     

    කාලගුණ, සීමා මායිම්, නවීන තාක්ෂණය වැනි ‍දේ පිළිබඳ ධීවරයන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. කුමාරතුංග මුනිදාස සූරීන් කියා ති‍බෙනවා අලුත් අලුත් දෑ ‍නොතනන ජාතිය ‍ලොව ‍නොනගී කියලා. ඒ නිසාම අද සාගර විශ්වවිද්‍යාලයට අලුත් ‍දේ එකතු කිරී‍මෙන් සාගර ආර්ථිකය ජාතික ආර්ථිකට මහත් දායකත්වයක් සපයයි. ‍මේ නව පනත් මඟින් ‍ලොවක් ජයගන්න පුළුවන් තරුණ පරපුරක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya