අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ආනයන ආර්ථිකය නිල් ආර්ථිකයක් බව අද වන විට පිළිගෙන තිබෙනවා. එහි පුරෝගාමී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ ක්‍ෂේත්‍රය තුළ අප ඉතා ඉදිරියෙන් ගමන් කරනවා. අපේ රටේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තරකරණය වූ අවස්ථාවක මේ විශ්වවිද්‍යාලය පිහිටුවීම ඉතා වැදගත් වෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
NDH/HC