මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියා රැකියා විරහිත උපාධිධාරී සංගමයට යන්නේ නෑ

    අගෝස්තු 20, 2014

    සාගර විශ්වවිද්‍යාලය තුළින් බිහිවන උපාධිධාරියා රැකියා විරහිත උපාධිධාරී සංගමයට යන උපාධිධාරි‍යෙන් ‍නො‍වන බවත් මේ මඟින් දැවැන්ත පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන නි‍යෝජ්‍ය අමාත්‍ය ‍මොහාන් ලාල්  ග්‍රේරු මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පවසන්නේ අද (20) පාර්ලිමේන්තුවේදී සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    විපක්ෂ‍යේ ‍බො‍හෝ ‍දෙනෙක් ‍මේ සාගර විශ්වවිද්‍යාල පනත් ‍කෙටුම්පත පිළිබඳ ‍හොඳින් කතා කළා. නමුත් ජනතා විමුක්ති ‍පෙරමුණ වෘත්තිය අධ්‍යපානය පිළිබඳ අකමැත්තක් ‍පෙන්නුවා. ‍මේ  සාගර විශ්වවිද්‍යාලය; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසම් සභාවට යටත් ‍‍නොවන නිසා ‍මේ පිළිබඳ සෑහිමකට පත්වන‍්නේ නැහැ කියා විජිත ‍හේරත් මහතා කිව්වා. නමුත් සාම්ප්‍රදායික ධීවර කර්මාන්ත‍යේ ‍යෙදී සිටින අයටත් ‍සාගර විශ්වවිද්‍යාල මඟින් ඩිප්‍‍ලෝමා හා උපාධිය දක්වා යාමට ‍අවස්ථාව සැ‍‍ල‍සෙනවා යැයි ඔහු පෙන්වා දුන්නේය. 

    ඩිප්ලෝමාව හදාරා රැකියාවට ‍ගොසින් නැවත පැමිණ උපාධි පාඨමාලව හැදෑරීමට හැකියාව ති‍බෙනවා. ‍මේ උපාධි පාඨමාලාව ගාස්තු ඉතා අඩු ගාණක් ‍වෙන්නේ. ‍මේ පාඨමාලාව හැදෑරී‍මෙන් රුපියල් ලක්ෂ පහක මාසික ‍වේතනයක් ගන්න පුළුවන්. ‍මේ පාඨමාලාවට යන මුදල එක මාසයක වැටු‍පෙන් ලබා ගන්න පුළුවන්. වි‍දේශ රටක ‍මේ පාඨමාලාව හැදෑරුව‍හොත් රුපියල් ලක්ෂ 127ක් වැය‍වෙනවා. ප්‍රා‍යෝගික පාඨමාලා සහ ‍ලෝක‍යේ රැකියා ති‍බෙන වැඩපිළි‍වෙළක් සාගර විශ්වවිද්‍යාල තුළින් ක්‍රියාත්මක කරන්‍‍නේ යැයි අමාත්‍යවරයා කීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya