මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ඖෂධ සියල්ලටම ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතුයි

    අගෝස්තු 20, 2014

    ඕනෑම ඖෂධයක් කොයි ලෙසකින් ඇනවුම් කළත් රේගුව හරහා එන නිසා බටහිර ඖෂධ සියල්ලටම ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

     

    පෝෂණ ද්‍රව්‍ය ගැන, යම් යම් නිෂ්පාදන ගැන ඖෂධ ආනයන පනතේ සංශෝධන ගෙන එන්න ඉදිරියේදී අපේක්ෂිතයි. හැම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුටම සුදුසුකම් රහිත වෛද්‍ය මධ්‍යස්ථාන අල්ලන්න බලතල තිබේ. සුදුසුකම් රහිත වෛද්‍යවරුන් 10,000ක් පමණ සිටින බවට පැමිණිල්ලක් ලැබී තිබේ. අප පැන පැන අල්ලන්න ගිය විට එයට විරුද්ධ විය හැකියි. යම් පැමිණිල්ලක් අපට ලැබුණොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මේ පිළිබඳ කටයුතු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයක් ඇත. එම අංශය විසින් අල්ලාගත් අයට විරුද්ධව දඬුවම් ලබා දී ඇත. පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරයි. පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කරන්න කටයුතු කරන අතර මේවා බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා විමර්ශන අංශයේ සිටින නිලධාරීන් ප්‍රමාණවත් නැතැයි ද ඔහු කීය. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya