අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යාධාර අරමුදල වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා

    අගෝස්තු 20, 2014
    විශ්වවිද්‍යාලයේ අඩු ආදායම්ලාභී ශිෂ්‍යයන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර අරමුදල වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මහපොළ අරමුදල සමඟ සාකච්ඡා වට දෙකක් පැවති බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඩ ප්‍රශ්නයක් පවතී. නේවාසිකාගාර ඉදිකරන්න මුදල් තිබුණත් නේවාසිකාගාර 04ක් ඉදිකිරීම සඳහා ඉඩක් නැහැ. ඉඩම් මුදල් දී ගන්න පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බවත් ඒ ගැන නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    නේවාසිකාගාරවලට අය කරන මුදල රුපියල් 400න් පටන් ගන්නේ. ඇතැම් විශ්වවිද්‍යාලවල රුපියල් 500, 600ත් අය කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටින ශිෂ්‍යයන්ගෙන් වසරකට රුපියල් 3000ක් අය කරනවා ඇති. මේ මුදල එම ශිෂ්‍යයාගේ වතුර හා විදුලි බිල ගෙවන්නත් ප්‍රමාණවත් නැහැ. ගෙවල් 30, 40ක් කුලියට ගෙන මේ නේවාසිකාගාර කර ගෙන යන බව ඔහු අවධාරණය කළේය.

     

    77 සිට 94 පැවති ආණ්ඩු කාලයේ විශ්වවිද්‍යාල සඳහා එක හොස්ටල් එකක්වත් හැදුවේ නැහැ. ප්‍රේමදාස මහතාගේ කාලයේ පිහිටුවන ලද රුහුණු විශ්වවිද්‍යාලයේවත් හෝස්ටල් හැදුවේ නැහැ. දැන් හොස්ටල් හදන්න අයවැයෙන් රුපියල් බිලියන 13.7ක් වෙන් කර තිබෙනවා. තාක්ෂණ විශ්වවිද්‍යාල සඳහා රුපියල් බිලියන 13ක්, පේරාදෙණියේ පශ්චාත් වෛද්‍ය පීඨය සඳහා රු. බිලියන 03ක්, යාපනය විශ්වවිද්‍යාලය සඳහා රු. බිලියන 07ක් වෙන් කළා. අපේ රටේ මුදල් ශක්තිය දැන් හොඳයි. සල්ලි තියෙනවා වියදම් කරන්නයි බැරි. එදා තිබූ විශ්වවිද්‍යාල නොවේ අද ඇත්තේ. තොරතුරු තාක්ෂණ විද්‍යාගාර, භාෂාගාර විශ්වවිද්‍යාල සතුයි. විශ්වවිද්‍යාල ප්‍රමාණයත් වැඩිකර ගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya