අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18 වන සාර්ක් සමුළු තේමාව ශී‍්‍ර ලංකා ජනපතිගෙන්

    අගෝස්තු 21, 2014
    ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ අදහසකට අනුව මෙවර සාර්ක් සමුළුවේ ප‍්‍රධාන තේමාව සැකසේ. දකුණු ආසියාතික කලාපයේ සශී‍්‍රකත්වය බෙදා ගැනීම උදෙසා එකිනෙකා සම්බන්ධ වෙමු යන අදහස අනුව "බෙදා හදා ගත් සශී‍්‍රකත්වය උදෙසා සබඳතාව" යන තේමාව ඔස්සේ 18 වැනි සාර්ක් සමුළුව පැවැත්වෙනු ඇත.
     
    නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගිය දා රැස්වූ උපදේශක කමිටුවේදී ජනාධිපතිතුමා කළ යෝජනාව තෝරාගත් බව මලයාසියාවේ හිටපු නේපාල තානාපති සහ සාර්ක් උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය රිෂි රාජ් අධිකාරි මහතා ප‍්‍රකාශ කර තිබේ.
     
    පසුගියදා ජනාධිපතිතුමා කොළඹදී සාර්ක් මහ ලේකම් අර්ජුන් බහදුර් තාපා මහතා හමුවු අවස්ථාවේදී මෙම තේමාවට අදාළ අදහස ඉදිරිපත් කර ඇත.
     
    ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමාගේ යෝජනාවට සමාන තේමා සෙසු කලාපීය රටවල් කිහිපයක් ද ඉදිරිපත්ව තිබේ. එහෙත් කමිටු රැස්වීමේදී අනුමත කර ඇත්තේ රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තේමාව වේ.
     
    ඊට අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා නේපාල විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යොමු කිරීමට ද නියමිතය. 18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව ලබන නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya