මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප නිර්මාතෘ කී දේ ජනපති අද යථාර්ථයක් බවට පත්කරමින් සිටිනවා

    අගෝස්තු 20, 2014
    මිනිසා‍ගේ පරම යුතුකම මිනිසාට ‍සේවය කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් කිව්ව බවත් අද වන විට මහින්ද රාජපක්ෂ මහතා එය යථාර්ථයක් බවට පත් කරමින් සිටින බවත් සෞඛ්‍ය නි‍යෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානයක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    ශ්‍රී ලංකා‍වේ භූමියට වඩා 88%ක් අපට සාගරය ති‍බෙනවා. මේ සාගර‍යේ ති‍බෙන සම්පත්වලින් ප්‍ර‍යෝජනය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තුන්කල් දකින නායක‍යෙක් ‍ලෙස දැක්කේ 1997දීයි. එදා එතුමා ධීවර ඇමැතිවරයා ‍ලෙස සාගර විශ්වවිද්‍යාලය පිහිටුවා සාගර සම්පත ර‍ටේ  ප්‍ර‍යෝජනයට ගැනීමට සැලසුම් කළා. ඒ ‍වෙනු‍වෙන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමටත් සාගර ආර්ථිකය සංවර්ධනය කිරීමටත් එතුමා අද වන විට කටයුතු කර ති‍බෙනවා. සම්පත් සම්බන්ධීකරණය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනා‍ධිපතිතුමා කටයුතු කර ති‍බෙනවා. අද ‍ගෙන එන සාගර විශ්වවිද්‍යාලය පනත් ‍කෙටුම්පතින් අ‍පේ තරුණ ප්‍රජා‍‍ව‍ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැ‍බෙනවා ව‍ගේම ආර්ථිකය ශක්තිමත් ‍වෙනවා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya