මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටලු වහාම විසඳීමට ජනපතිගෙන් උපදෙස්

    අගෝස්තු 20, 2014
    සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටලු වහාම විසඳීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ශ්‍රේණි 27ක් නියෝජනය වන පරිදි ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ඉදිරිපත් කළ යෝජනා 05 පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා අදාළ අංශ වෙත මේ උපදෙස් ලබා දුන් අතර අදාළ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් මීට විසඳුම් සකස් කර මාස 03ක් ඇතුළත ඒවා ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

     

    සෞඛ්‍ය වෘත්තීය සමිති කමිටු සාමාජිකයන් සමඟ අද (20) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ උපදෙස් ලබා දී ඇත.

     

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Chandana Perera

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya