නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කොවිඩ් - 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා කළ සම්පූර්ණ කතාව

    මැයි 29, 2020

    කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් - 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා
    මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව

    මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි.

    ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී ඇත. වසංගතය හදිසියේම, වරක් තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත. සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකිය උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමනුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව ඇත. පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

    අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් - ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මුල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි.

    ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

    අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසාය.
    මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවිනි.

    සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් ඇති අතර ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු වන්නේ බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය
    කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණඇති හෙයිනි.

    අපේ ප්‍රමුඛතා වන කෘෂි හා ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර, ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් ආණ්ඩුකරණය. ග්‍රාමීය ආර්ථිකය හා දිළිදුකම අඩු කිරීම, ගම්මාන සඳහා වැඩි දියුණු කළ සබඳතා තුලින් ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට වෙළඳපොළ ප්‍රවේශය සහ අපගේ පරිසර ආරක්ෂණ උපායමාර්ග හා අනුකූලව නගර නිර්මාණය පුරා මාස 02කට ආසන්න කාලයක් ආර්ථිකය වසා දැමීම හේතුවෙන් පසුබෑමට ලක්ව ඇත.

    කොවිඩ් - 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු සඳහා වන සෞඛ්‍ය නිරෝධායන ප්‍රමිතීන්ට අනුගතවෙමින් මේ සතියේ සිට සීමාවන් ලිහිල් කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, ආර්ථිකයට සැබෑ ලෙස ඇති වූ අලාභය මාස දෙකක කාලයක් වනවා සේම රට සාමාන්‍ය තත්වයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව
    දීර්ග වනු ඇති බැවින්, එවැනි පහසුකම් සලසන සියලු බාහිර අධාර “සංවර්ධන කේන්ද්‍රීය” විය යුතුය.

    සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සලසයි.

    සංවර්ධන මූල්‍යකරණයේ අවශ්‍යතාව මම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂි ජින් පිං මැතිතුමා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා සමග කළ සාකච්ඡාවලදී අවධාරණය කළෙමි. කෙසේ වෙතත්, කණගාටුවට කරුණ නම් මධ්‍ය ආදායම් ආර්ථිකයක් සහිත රටවල්, සංවර්ධනය වෙමින් තිබෙන රටවල් ලෙස පවතින වර්ගීකරනය ඇතුළත උපග්‍රහණය වීම හේතුවෙන් එම රටවල අවශ්‍යතාව මුළුමනින්ම සපුරාගැනීමට ඇති අවකාශය සීමා වී තිබීමයි.

    ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තම තමන් අතර කොන්දේසි පනවා නොගෙන මහා පරිමාණයේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාමයි.

    අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින් නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගන්වන අතර හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතුය.

    ගරු මැතිඳුනි,
    “ආරෝග්‍ය පරමා ලාභා හෙවත් යහපත් සෞඛ්‍යය පරම ධනය වේ” යන බුදු වදන සිහිපත් කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරමි.

    ස්තූතියි,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya