එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දිර්ඝ ව සාකච්ජා කෙරුණු අතර, ගරු ජනාධිපතිතුමා පසුගිය දින කිහිපය තුළ ගත් ඇතැම් තීරණවලට හේතු වූ කරුණු හා එයින් රටට හා ජනතාවට සිදුවන යහපත පිළිබඳව පෙන්වා දුන්නේය.
එහිදී දෙමළ ජාතික සන්ධානය විසින් ද තම දේශපාලන ස්ථාවරය පිළිබඳව ජනාධිපතිතුමා සමග දිර්ඝව සාකච්ජා කරන ලදී.
එසේම ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට බලපා ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර, එම ගැටලු විසඳීම පිළිබඳ තම කඩිනම් අවධානය යොමු කරන බව ගරු ජනාධිපතිතුමා දෙමළ ජාතික සන්ධාන නියෝජීතයන්ට පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධන බලකායේ කටයුතු වඩා කාර්යක්ෂමව කි‍්‍රයාවට නැංවීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වු අතර, එම සංවර්ධන වැඩපිළිවෙළේ දී හා ජනතා ගැටලු විසඳීමේ දී දෙපාර්ශ්වයම මනා සහයෝගයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
රටේ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය සමනය කරගැනීමට සියලු පක්ෂවල එකඟතාවෙන් ඉදිරියේ දී ගරු ජනාධිපතිතුමා ගන්නා කි‍්‍රයාමාර්ගවලට දෙමළ ජාතික සන්ධානයේ ද පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප‍්‍රකාශ විය.
මෙම සාකච්ජාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සෙල්වම් අඩෛකලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සහභාගි වූහ.