අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි

    නොවැම්බර් 07, 2018

    රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.

    ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි.

    රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද කියා සිටියේ ය.

    සංස්කෘතිකාංග රැසකින් ද මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර ජනාධිපතිතුමා මෙහිදී සියලු හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් ද, හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya