මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා රටේ තීන්දු ගත්තේ සමනළ රෑනක්- දේශයට ගැලපෙන විදේශ දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන අගමැතිවරයෙක් පත් කළා

    නොවැම්බර් 06, 2018

    කුමන ආකාරයේ බලවේග පැමිණියත් කුමන තර්ජන එල්ල කළත් ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    අගමැති පත්කිරීම පිළිබඳ විසදා ගත යුතු ප්‍රශ්නයක් ඇත්නම් ඒ ඕනෑම අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය විසදා ගත හැකි බවත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය වන 113 ගැන කිසිවකු සැක නොහිතන ලෙසත්, එම බහුතර බලය දැනටමත් ලැබී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.

    ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තු වට රවුමේ පැවැති ''රටම රකින ජන මහිමය'' දැවැන්ත ජන රැළිය අමතමිනි

    අපේ දේශපාලන දර්ශනය තුළ අපිට රට අරගෙන යන්න ඉඩ දෙන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ පීඩාකාරී දර්ශනයෙන් සියලු දෙනාම නිදහස් කර ගතයුතුව තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තීන්දු තීරණ ගත්තේ කැබිනට් මණ්ඩලයවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්වත් තමාවත් නොව රනිල් වික්‍රමසිංහගේ සමනල රෑහැණ බවද කියා සිටියේය.

    අගමැති ධුරය වෙනස් කරේ නිකන්ම නිකම් මිනිසුන් දෙදෙනෙකු හෝ අවයව දෙකක් නොව රටට දේශයට අහිතකර දේශීය ජනතාව අගය නොකරන විදේශිය න්‍යාය පත්‍රයට වැඩ කරන දර්ශනයක් අයින් කර අපට රටට ගැලපෙන දේශයට ගැලපෙන විදේශ දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් තිබෙන අගමැතිවරයෙක් පත් කළ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    කිසිම ආගමික නායකයෙකු මෙතෙක් හමුවීමට නොගිය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන්නේ විදෙස් තානාපති කාර්යාල ඉදිරියේ දනින් වැටී සිටීම පමණක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    සාමය ශක්තිමත් කරමින් පොදු දේපළ ජාතික සම්පත් ආරක්ෂා කරමින් ඇතිවී තිබෙන දේශපාලන නොසන්සුන්තාවය සන්සුන් කරගෙන අපි සාමයට කැපවෙමු යැයි ද ජනධිපතිවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya