අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කල්‍යානි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති නිරික්ෂණයට

    නොවැම්බර් 05, 2018

    එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කල්‍යානි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු  (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    ඓතිහාසික කැලණිය රජ මහා විහාරය ආසන්නයේම පිහිටි, කැලණිය පුදබිම හා බැඳුනු පුරාවෘත්තින් රැසක් සහිත මෙම පුදබිමේ පිහිටි ඉපැරණි බෝධිඝරය සහ පොකුණ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මීට මාස දෙකකට පමණ ඉහත දී ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

    වහාම එම ඉල්ලීම ඉටුකිරීමට පියවර ගත් ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව පුදබිම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

    අද (04) පෙරවරුවේ ඓතිහාසික එගොඩ කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව එම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

    පූජ්‍ය අඹේපුස්සේ අමරජෝති ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya