ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියාගම ග්‍රී පුණ්‍යාරාම විහාරස්ථානය, කටුගොඩ ජුම්මා මස්ජීඩ් පල්ලිය, වැලිවත්ත විජයානන්ද පිරිවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන හා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් මෙම ගොඩනැගිලි හතර ඉදිකර ඇත.
නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 620ක වියදමින් ඉදිකර ඇති අතර 2017 පෙබරවාරි මස 06 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.
ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද වැලිවත්ත, විජයානන්ද පිරිවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන ය සහිත ඕල්කොට් ශාලාව සඳහා රුපියල් ලක්ෂ 100ක් වැය කර ඇත. මෙරට ප්‍රථම දහම් පාසල ආරම්භ කළ මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහළ ලෙස මෙය ඉදිකර තිබේ.
කටුගොඩ, ජුම්මා මස්ජීඩ් සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 130කි.
නියාගම ග්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයේ සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 60කි. මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද ඉදිකර ඇති අතර ගොඩනැගිල්ල සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජනතාවට ඉතා විශාල සේවයක් සිදුකළ ද ඇතැම් කාර්යාල ඉතා අඩු පහසුකම් සහිත ප්‍රමාණවත් තරම් ඉඩක් නොමැති ස්ථාන බවට පත්ව තිබීම හේතුවෙන් එම සේවය කාර්යක්ෂමව සිදුකිරීමේ යම් යම් ගැටලු ඇතිවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍ය අබේවර්ධන මහතා පවසයි.
මෙම ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිතුමන්ලා රැසක් සහභාගී වීමට නියමිතය.