අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින නීතිය තුළ නඩු කටයුතු කරගෙන යනවා-පුද්ගල කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් නෑ

    ඔක්තෝබර් 25, 2018

    රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින්  කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවන බවත් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

    අද (25) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මෙසේ  පැවසුවාය.

     සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා (දෙ.ජා.ස) මෙසේ පැවසී ය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්ත විරෝධී නව පනතක් ගේන්න රජය තීරණය කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශකර තිබෙනවා. 2009 යුද්ධය අවසන්වීමත් සමඟ අපි රජයෙන් ඉල්ලීමක් කළා වසර ගණනාවක් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කරන ලෙස.ඇතැම්විට වසර 15ක පමණ කාලයක් නඩු විභාග කර තිබෙනවා. එයින් ඇතැම් අය වසර 25ක් 26ක් පමණ සිරගතව සිටිනවා. මේ පුද්ගලයින් නිදහස් කළයුතුයි. ඇයි මේ පුද්ගලයින් නිදහස් කරන්නේ නැත්තේ. මොවුන්ගේ ජීවිතය පිළිබඳව රජය සැලකිලිමත් වියයුතුයි. 

    අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය-

    මේ රැදවියන් උපවාස කරන වේලාවට වඩා දිඟින් දිඟටම අපි සමඟ මන්ත්‍රීවරු මේ ගැන කතා කරනවා. දේශපාලන ක්‍රියාලියක් නිසා සිදුවූ බවට ඇතැමුන් පවසනවා. හිටපු රැදවියන් 12000ක් නිදහස් කළා කියන එක හෝ 2015 ජනවාරි 8 ට පෙර ගත් තීන්දු ගැන අපි දැනුවත් නැහැ. 2009 ට පෙර සිදුවූ සමහර සිදුවීම් සහ මේ වනවිට 103 දෙනෙකුගේ කරුණු ගැන අපිට තොරුතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. තවමත් නඩු විභාග වෙනවා. අපේ රටේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා නඩු ප්‍රමාදය සම්බන්ධයෙන්. ඒ නිසා මෙය හිතාමතා පරක්කු කරන තැනට කවුරුත් කටයුතු කරන්නේ නැහැ. ඒ ගැන කරුණු සොයා බලා උසාවි ප්‍රමාණය වැඩි කරන්නනත් විනිසුරවන් වැඩි කරන්නත් පියවර ගෙන තිබෙනවා. 30000 ට වැඩි ප්‍රමාණයක් මහාධිකරණවල නඩු විභාග වෙමින් තිබෙනවා.

    දිඟින් දිඟටම සාමාන්‍ය වශයෙන් එක් විනිසුරුවරයෙක්ට නඩු 400ක් පමණ අසන්න වෙලා තිබෙනවා. මේ නඩු ප්‍රමානය වළක්වන්න රජය උපරිමයෙන් කටයුතු කරනවා. 103 දෙනා ගැන කියන්නේ නම් දැනට නඩු කටයුතුවලට මුහුණ දෙන 54 දෙනෙක් ඉන්නවා. එයින් 6 දෙනෙක් සිංහල. මුස්ලිම් 3 දෙනෙක් ඉන්නවා. මේ අය පිළිබඳ නඩු ගැන බලනවිට දේශපාලන සිරකරුවන් කියා කියන්න බැහැ. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීම ආදියට  සම්බන්ධ අයට එරෙහිව නඩු කටයුතු කරගෙන යනවා. විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය එතැන ඉන්නවා. මේ සම්බන්ධයෙන් රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින් කණ්ඩායමටකට එරෙහිව කරන්නක් නොවේ.

    විධිමත් නඩු විභාග පැවැත්වෙන්නේ. මේ නඩු විභාග විධිමත්ව පවත්වා දඩුවම් විදින 43 දෙනෙක් ඉන්නවා. ඒ අයට  දඩුවම් දී තිබෙන්නේ ඔවුන් කළ පාපොච්චාරණය පදනම් කරගෙන, සාක්ෂි අනුවයි. අද සිර දඩුවම් ලැබූ 22000 ක්  පමණ ඉන්නවා. 19000ක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්නවා. උතුරේද, දකුනේ ද නැහැ නඩු ප්‍රමාදනය  නිසා ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා දුෂ්කරතාවන්ට මුහුණදෙන අය ඉන්නවා. මේ අය නිදහස් කිරීම සම්බන්ධයෙන්  බලයක් අධිකරණ අමාත්‍යාංශයට නැහැ.

     ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා-

    මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි කතා කළා. අපි ඔවුන්ව දේශපාලන සිරකරුවන් ලෙස දකින්නේ නැහැ.  අධිකරණ අමාත්‍යාංශයත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයත් සමඟ එක්ව මේ ගැන කරුණු සලකා බලනවා.  මේ රඳවා ගන්න අය අතර බරපතල අපරාධ කළ අය වෙන්නත් පුළුවන්. පළමුවෙන් අපි ඒ සම්බන්ධයෙන් බැලිය  යුතු වෙනවා. ඒ කරුණු සොයා බලා කටයුතු කරනවා. ඇතැමුන් දිඟු කලක් සිරදඩුවම් විඳිනවා. මේ අය  සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියයි සිදුවන්නේ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya