අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න පියවර ගෙන තිබෙනවා

    ඔක්තෝබර් 25, 2018

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න පියවර කිහිපයක් ගෙන තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මුදල් පනත් කෙටුම්පතක් සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් තුනක්  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    අද වනවිට මුළු ලෝකයේම ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙනවා. අද අපි ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න පියවර කිහිපයක් අරගෙන තිබෙනවා. ඉතාම අමාරු වෙලාවක බාහිර බලපෑම් රටට තිබිය දී ඒවා කළමනාකරණය  කරමින් මේ රටේ මූල්‍ය පාලනයට විහේෂ උනන්දුවක් දක්වා තිබෙනවා.

     

    ආණ්ඩුව විවේචනය කරන විපක්ෂයේ  මන්ත්‍රීවරු බන්නවා. එයාලගේ ක්‍රම දිහා බලනවිට මේ රටට විවිධ අර්බුද පැමිණියා. 2018 පළමු කාර්තුව ගත්විට  කෘෂි නිෂ්පාදන අංශය සියයට 4.8ක වර්ධනයක් පෙන්නුම් කරනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7%ක්  පමණ වෙනවා. අද සියයට 60%ක වී නිෂ්පාදනයේ වර්ධනයක් තිබෙනවා. වී මෙට්‍රික් ටොන් මිලියන 2.4 දක්වා  වැඩි වී තිබෙනවා. අපේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. සියයට  100ක වටිනාකමක් ඒ කර්මාන්තයට තිබෙනවා. තවත් එය වැඩිකළ යුතු වෙනවා.

     

    මේ අමාරුම කාලය තුළ බලපෑම් පැවතිය දී මුදල් අමාත්‍යාංශය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සතුටු  වෙන්න ඕන. විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. ලෝන්ලි  ප්ලනට් සඟරාව විසින් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් ලොව හොඳම රට ලෙස නම්කර තිබෙනවා. මෙය  ඉදිරියට ගෙන යන්නට, විදේශ විනිමය වැඩිකරන්න, රුපියල ස්ථාවර කරන්න මෙවැනි පියවර ගැනීම වැදගත්. 

     

    අපේ විදෙස් සංචිත ප්‍රමාණය අප්‍රේල් වනවිට ඩොලර් බිලියන 9.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොටස්  වෙලෙඳපලට විශාල ලෙස විදෙස් ආයෝජන ඇතුළත් වුණා. අපේ ගෙවුම් ශේෂය කලකට පසුව ඩොලර් මිලියන  2500ක් පමණ වුණා. අද වනවිට මේ රටේ සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. අප්‍රේල්වලින් පසුව ආණ්ඩුවේ  ක්‍රියාකාරකම්වල වෙනසක් වුණෙ නැහැ. ආර්ථික වර්ධන වේගයේ ඉහළ යාමක් ද සිදුව තිබෙනවා. සියයට 3.5  දක්වා ඉහළ ගොස් තිබෙනවා.

     

    මේ කාලය තුළ මුළු ලෝකයේම ආර්ථික වර්ධනයේ පහළ යාමක් තිබෙනවා. අපි මේ කාලයේ දී රාජ්‍ය ආදායම  සියයට 5.6කින් ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු වැඩිකිරීම සඳහා අපි වැඩකර තිබෙනවා. පුංචි මිනිසුන්ගෙන් බදු  අයකරනවා වැඩි කියා අපිට චෝදනා තිබෙනවා. නමුත් අපිි පසුගිය කාලයේ තරම් බදු අයකරන්නේ නැහැ යැයි ද  අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya