මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන බදු(විශේෂ විධිවිධාන)පනත යටතේ නියමයන් තුනක් විවාදයට- එකතු කළ අගය වැඩි නිෂ්පාදනවලට යා යුතුයි

    ඔක්තෝබර් 25, 2018

    මුදල් පනත් කෙටුම්පතක් සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් තුනක් අද (25) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත හා නියමයන් පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

    විවාදයේ දී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා; අද අපේ ආර්ථිකය ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දෙනවා. අභ්‍යන්තර ප්‍රතිපත්ති තිබෙනවා. ජාත්‍යන්තර රටවල්වල ප්‍රශ්න තිබෙනවා. අපි ජාත්‍යන්තරව සම්බන්ධතාවයන් ගොඩ නගා ගියා. අපේ වෙලඳපොළ ආරක්ෂා කරන්න විදෙස් ප්‍රතිපත්තිය ආරක්ෂා කළා. ජී.එස්.පී.ප්ලස් සහනාධාරය අපට ලැබුණා. අපිට ඩොලර් මිලියන 480ක් ඇස්තමේන්තුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    අපි වගේ කුඩා ආර්ථික තිබෙන රටවලට බලපෑම් තිබෙනවා. ලෝක ආර්ථික යුද්ධ තිබෙනකොට. අපට තවත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන් අපේ භාණ්ඩ වෙලඳපොළට ගෙන යන්න. මේ වාණිජ යුද්ධය කොහොමද සමථයකට පත් වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ.

    එකතු කළ අගය වැඩි නිෂ්පාදන වලට යා යුතුයි. ඉරානයට සම්බාධක දමා තිබෙනවා.නොවැම්බර් 05 අලුත් සම්බාධක එනවා. එය ගැටළුවක් වෙනවා. එය අභියෝගයක්. අපි අපනයනය කරන ප්‍රමාණය අඩුයි.අපි අයවැය පරතරය අඩු කර තිබෙනවා. සියයට 5%කට ගෙනැල්ල තිබෙනවා. අයවැය පරතරය මතයි මූලික ප්‍රශ්නය තිබෙන්නේ. ආදායම් එකතු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

    සංචාරක පැමිණීම ලක්ෂ 23ක් 24ක් දක්වා ඉහළ යයි කියලා බලාපොරොත්තු වෙනවා. අප උද්ධමනය අඩුකර තිබෙනවා. ඇතැම් ක්ෂේත්‍ර ඉහළ ගොස් තිබෙනවා. ලංකාව නම් කර තිබෙන්නේ පළමු රට ලෙස සංචාරය කිරීමට. අපිට අභියෝග තිබෙනවා. අපි අනුගනය කරන ප්‍රතිපත්තිය අයවැය පරතරය අඩු කරන්න, ආදයම එකතු කරන්න අප පැකිලෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සියලු ගෙවීම් කපන්නේ නෑ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya