අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවුදි අරාබි මාධ්‍යවේදියාට සිදු වූ සිද්ධිය ශ‍්‍රී ලංකා රජය හෙළා දකින බව ජනපති පවසයි

    ඔක්තෝබර් 27, 2018

    සවුදි අරාබි මාධ්‍යවේදියාට සිදු වූ සිද්ධිය ශ‍්‍රී ලංකා රජය හෙළා දකින අතර, මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිදු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ , කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හත්වන නියෝජිත සමුළුව සහ ගවේෂණාත්මක වාර්තාකරණය පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටලු, අභියෝග සහ දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් ඇති අයෙකු ලෙස රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව මෙන් ම පෞද්ගලිකව ද මාධ්‍යවේදින්ගේ වරප‍්‍රසාද සහ අයිතින් සහතික කිරීමට තමා කැපවී සිටින බවයි.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පියවර රැසක් ගත් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වීම, හිරිහැරයට ලක්වීම සහ රට හැරයාම පිළිබඳ කිසිදු සිදුවීමක් තම නිල කාලය තුළ වාර්තා නොවීම පිළිබඳ සතුටු වන බවත් එය වත්මන් රජය ලැබු සුවිශේෂී ජයග‍්‍රහණයක් බවත් කියා සිටියේ ය.

    මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර එහි නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද එවා කි‍්‍රයාත්මක නොවීම පිළිබඳ පවතින ගැටලුව කෙරෙහි තම අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉදිරියේ සිදුකරන බව ද සඳහන් කළේ ය.

    මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya