අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පිහිටුවීමට රජයෙන් පියවර

    ජූලි 22, 2014
    මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පිහිටුවීමට මූලික කටයුතු කරමින් සිටින බවත් මේ වන විට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් පිහිටුවා ඇති අතර මේ වසර අවසන් වන විට විශ්වවිද්‍යාල 06ක් ස්ථාපිත කිරීමට කටයුතු බවත් යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මහින්ද චින්තනයේ දුන් පොරොන්දු ඉටුකරමින් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය පියවර 04ක් ක්‍රියාත්මක කර ඇත. 2012 වසරේදී ජාතික වෘත්තීය සුදුසුකම්වලින් සමන්විත වෘත්තීය අධ්‍යාපනය සහිත පළමු උපාධිධාරියා බිහිකිරීමට මේ රජය කටයුතු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

    තාක්ෂණවේදය විෂය ධාරාව උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කර ඇත. මේ නිසා තෘතීයක හා ද්විතීයක අධ්‍යාපනයත් අතර පාලමක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපනය හදාරන්න (SLQF) අද තරුණ ප්‍රජාවට අවස්ථාව උදා වී ඇත. මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම අනුව තෘතීයක අධ්‍යාපනය කෙරෙහි ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා 18ත් 22ත් අතර තරුණ තරුණියන්ට තම අභිමතාර්ථය අනුව තෘතීයක අධ්‍යාපනය හදාරන්න හෝ පුහුණුවක් ලබා ගන්න රුපියල් ලක්ෂ 02 දක්වා මුදලක් වෙන් කරන්න අයවැයෙන් එකඟ වී ඇති අතර මේ මුදල නැවත අයකර ගැනීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    2013 මේ පුහුණුව ලැබූ සංඛ්‍යාව 129,770ක් වන අතර 2014දී 135,660කට පුහුණුව ලබාදෙන්න අපේක්ෂිත වන අතර 2014 මැයි වන විට 70,450 දෙනෙකු වෘත්තීය පුහුණුව හදාරනු ඇත. 24%ක් වන තරුණ ප්‍රජාව ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක කර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය හා කාර්මික පුහුණුවක් ලබාදීම මෙහිදී අපේක්ෂා කරයි. ඒ අනුව NVQ5 හා NVQ6 හදාරන සිසුන්ට NVQ7 දක්වා න්‍යායික අධ්‍යාපනය හදාරන්න මේ මඟින් අවස්ථාව ලැබෙනු ඇත. වසරින් වසර වෘත්තීය පුහුණුව සඳහා යොමු වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya