මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන් ජනතාවට ඡන්දය අයිතිය ලැබෙන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ජූලි 04, 2017

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද (04)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    පසුගිය කාලයේ ගැටුම්කාරී තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවට ඡන්දය භාවිතා කිරීමට තිබෙන අයිතිය නැති වී තිබෙනවා. ප්‍රජාත්නත්‍රවාදී රටක තිබෙන මූලික අයිතිය ඡන්දය භාවිතා කිරීමට තිබෙන අයිතියයි. ගැටුම්කාරී තත්ත්වය පැවැති කාලය තුළ ඡන්දය අහිමි වූ ජනතාවට ඡන්දය සඳහා අයිතිය ලබාදීම අරමුණයි. පනත යටතේ ලියාපදිංචිවීමට අදාළ සුදුසුකම් සඳහන් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya