අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථානවල ආදායම් පාලනය කරන බවට ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා

    ජූලි 04, 2017

    කිසිදු ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල ස්වාධීනත්වයට මැදිහත් වෙන්නේ නෑ. වෙහෙර විහාරස්ථානවල ආදායම් පාලනය කරන බවට ජනතාව නොමඟ යවන ප්‍රකාශ  සිදු කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමිනි.
     
    අපේ රටේ වෙහෙර විහාරස්ථානවල අයත් වෙන්නේ විහාර දේවල ගම් පනතයි. කිසිදු ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල ස්වාධීනත්වයට මැදිහත් වෙන්නේ නෑ. ඊයේ දිනයේ සංඝරත්නය, මහජනතාව නොමඟ යවන ප්‍රකාශයක් කර තිබෙනවා,කන්දේ විහාරයේ පින්කැටවලට සීල් තැබූ බවට.

    විහාර දේවාලගම් පනතේ හතර වැනි කොටසේ භාරකාත්වයක් තිබෙනවා. ලැබෙන ආදායම් පිළිබඳව බලතල බෞද්ධ කටයුතු කොමසාරි ජනරාල්ට පැවරී තිබෙනවා. හතර එක වගන්තිය යටතේ විහාරවලට ලැබෙන ආදායම් පිළිබඳ ගිණුම් තැබිය යුතුයි. පාරදෘශ්‍යභාවයෙන් බැංකු ගත යුතුයි. තවත් වෙහෙර විහාරස්ථාන  තිබෙනවා මේ ගණයට වැටෙන. මේවායේ ආදායම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මේ නීතියයි. කිසිම දේශපාලනයක් නෑ. ආදායම අධීක්ෂණය කරනවා. එයට ක්‍රමවේදයක් තිබෙනවා. දැනුම් දීම අනුවයි අවශ්‍ය කටයුතු කරන්නේ.බෞද්ධ කටයුතු කොමසාරිස් මැදිහත් වෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ දැනුවත් කිරීම අනුවයි. පුවත් පතක් කිසිදු වහවිභාගයකින් තොරව කන්දේ විහාරයේ පිං පෙට්ටියට  සීල් කියලා කියන්නේ. වෙහෙර විහාරස්ථාන 258ක මේ දෙය සිද්ධ වෙනවා. කරුණු දැනගෙන කටයුතු කළ යුතුයි. ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya