අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසළ සමඟ මිනිස් ශරීර අවයව බැහැර වන බවට කිසිදු සාක්ෂියක් නෑ- ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා

    ජූලි 04, 2017

    බැහැර කරන කසළ සමඟ මිනිස් ශරීර අවයව බැහැර වන බවට කිසිදු සාක්ෂියක් නැතැයි පළත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා මහතා පවසයි.

    කසළ එක් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (04) පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    මිනිස් ශරීර කොටස් මෘත ශරීරාගාරවලින් කසළ සමඟ බැහැර කරන බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා.මොරටුව, කරදියාන හා මුතුරාජවෙල ප්‍රදේශවල විවිධ ස්ථාන හඳුනාගෙන තිබෙනවා කසළ බැහැර කිරීම සම්බන්ධයෙන්. මුතුරාජවෙලට පරිසර හිතකාමී ලෙස කසළ බැහැර කිරිමට කටයුතු කරනවා. කසළ බැහැර කිරීමට කෙටි කාලීන, දිර්ග කාලීන හා මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. එක් එක් පළාත් මට්ටමින් විශේෂ වැඩපිලෛවෙලක් ක්‍රියාත්මක කරනවා. රජය හා පුද්ගලික ආයතන සහයෝගිත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya