අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණ සිදු වෙනවා - නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක

    ජූලි 04, 2017

    2011 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදු වී ඇති වංචා,දූෂණ සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමත්‍ය ඉන්දික බණ්ඩාරනයක මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මත්තෙගොඩ හා කහතුඩුව නිවාස යෝජනාක්‍රමයේ නිවාස ලබාදීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සිදු වන බවත් නිවාස පවාරාගැනීම් සිදුකර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.එමෙන්ම දිනපොත් හා දින දර්ශන මුද්‍රණය නිසා සිදු වූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya