අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර ආපදා හේතුවෙන් හනියට පත් වූ සියලු පාසල් ගොඩනැංවීමට පියවර

    ජූලි 04, 2017

    ගංවතුර ආපදා හේතුවෙන් හනියට පත් වූ සියලු පාසල් ගොඩනැඟිලි නැවත ගොඩනැගීමට සියලු පියවර මේ වනවිටත් ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මේ වනවිට අමාත්‍යාංශය යටතේ ඉංජිනේරුවන් විසින් හානියට පත් වූ පාසල් සියල්ල හඳුනාගෙන තිබෙන බවද මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇතැයි කීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ජාතික හෝ පළාත් පාසල් භේදයකින් තොරව හානියට පත් ගොඩනැඟිලි නැවත ඉදි කිරීමට කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා පාසල් සිසු සිසුවියන් 58,000කට මේ වනවිට නිල ඇදුම්, සපත්තු සඳහා වවුචර්, පෙළපොත් ඇතුළු පාසල් උපකරණ සහිත කට්ටල පාසල් සිසුන් වෙත යවා තිබෙන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya