ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවත්විණි. ආපදා කළමනාකරණය පිළිබද අදාළ අමාත්‍යාංශවල සියලු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.