සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය ජොන් අමරතුංග මහතා විසින් අදාළ නියෝගය විවාදය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මාර්ග සංවර්ධනයේ දී ඉඩම් අත්පත්කරගැනීමේ දී ඒ සඳහා වන්දි ලබාදීමේ දී ගැටළු ඇති වී තිබෙනවා. විටින් විට රජයන් වන්දි ගෙවීන් කර තිබුණා.
මහජනතව බලා සිටිනවා මධ්‍යම අධිවේගී මාර්ගය ක්‍රියාත්මක වන තුරු. මෙවැනි ගැටළු නිසා ප්‍රමාද වෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ග කිරීමේදී වන්දි ලබාදීම, මධ්‍යම අධිවේගී මාර්ගය ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ලබාදීම, ඔවුන් වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදීම සඳහා මෙම නියෝග ඉදිරිපත් කිරීමේ අරමුණ බව අමාත්‍යවරයා පැවසී ය.